ENGLISH FOR VERY BEGINNERS

Let English write your success story.
ඉංග්‍රීසි වලට ඉඩදෙන්න ඔබේ සාර්ථකත්වයේ කතාව ලිවීමට.

English in Action

පියවරෙන් පියවර මුල සිට සරලව විධිමත්ව ඉංග්‍රීසි ඉගෙනගමු.

Let's learn English step by step from the very beginning in a simple and systematic way.




Get started as a beginner. - ආධුනිකයෙක් ලෙස පටන්ගන්න
  • Gaining essential knowledge of English (essential grammar and vocabulary) - අත්‍යාවශ්‍ය දැනුම ලබාගැනීම (අත්‍යාවශ්‍ය ව්‍යාකරණ හා වාග්මාලාව)
  • Starting to develop skills (speaking, reading, writing and listening) - කුසලතා සංවර්ධන‍ය ඇරඹීම (කථාකිරීම, කියවීම, ලිවීම, ඇහුන්කන්දීම)

Keep the momentum going. - දිගින් දිගටම දැනුම ලබාගැනීම හා කුසලතා සංවර්ධනය
  • Elementary Level (A2) - මූලික මට්ටම
  • Pre-intermediate Level (B1) - පූර්ව අන්තර්මාධ්‍ය මට්ටම
  • Intermediate Level (B2) - අන්තර්මාධ්‍ය මට්ටම
  • Upper-intermediate Level (C1) - ඉහල අන්තර්මාධ්‍ය මට්ටම
  • Advanced Level (C2) - උසස් මට්ටම


My First 50 Verbs - මගේ පළමු ක්‍රියාපද 50

  1. කනවා - eat - ඊට් 
  2. බොනවා - drink - ඩ්රිංක් 
  3. උදවුකරනවා - help - හෙල්ප් 
  4. නරඹනවා - watch - වොච් 
  5. උගන්වනවා - teach - ටීච් 
  6. අතුගානවා - sweep - ස්වීප් 
  7. පිරිසිදු කරනවා - clean - ක්ලීන් 
  8. ප‍යින් යනවා - walk - වෝක් 
  9. කියවනවා - read - රීඩ් 
  10. උයනවා - cook -  කුක් 
  11. හදනවා - make -  මෙඉක් 
  12. කඩනවා - -break - බ්‍රෙඉක් 
  13. සෝදනවා - wash - වොෂ් 
  14. පීනනවා - swm - ස්විම් 
  15. වැඩකරනවා - work - ව''ක් 
  16. කථාකරනවා - speak - ස්පීක් 
  17. කථාකරනවා - talk - ටෝක් 
  18. කියනවා - tell - ටෙල් 
  19. ආරාධනාකරනවා - invite - ඉන්වඉට් 
  20. පටන්ගන්නවා - start - ස්ටාට් 
  21. ඉවරකරනවා - finish - ෆිනිෂ් 
  22. නවත්වනවා - stop - ස්ටොප් 
  23. අහනවා - ask - ආස්ක් 
  24. මිලට ගන්නවා - buy - බඉ 
  25. විකුණනවා - sel - සෙල් 
  26. කෑම දෙනවා - feed - ෆීඩ්
  27. සෙල්ලම්කරනවා - play - ප්ලෙඉ 
  28. වාදනය කරනවා - play - ප්ලෙඉ 
  29. අල්ලාගන්නවා - catch - කැච් 
  30. ස්පර්ශකරනවා - touch - ටච් 
  31. අල්ලගෙන ඉන්නව - hold - හ'උල්ඩ් 
  32. ගායනාකරනවා - sing - සිං 
  33. නටනවා - dance - -ඩාන්ස් 
  34. දන්වනවා - inform - ඉන්ෆෝම් 
  35. දඬුවම් කරනවා - punish - පනිෂ් 
  36. පැහැදිලිකරනවා - explain - ඉක්ස්ප්ලෙඉන් 
  37. විස්තරකරනවා - describe - ඩිස්ක්‍රඉබ් 
  38. යවනවා - send - සෙන්ඩ් 
  39. එවනවා - send - සෙන්ඩ් 
  40. යනවා - go - ග'උ 
  41. කරනවා - do - ඩූ 
  42. දුවනවා -run - රන් 
  43. එකතුවෙනවා - join - ජොඉන් 
  44. ගේනවා - bring - බ්රිං 
  45. ගන්නවා - take - ටෙඉක් 
  46. ගෙවනවා - pay - පෙඉ 
  47. එක්කයනවා - take - ටෙඉක් 
  48. රැගෙනයනවා - carry - කැරි 
  49. අහුලාගන්නවා - pick up - පිකප් 
  50. බිම දානවා - drop - ඩ්‍රොප්

My First 50 Nouns - මගේ පළමු නාම පද 50
  1. පොත - book - බුක් 
  2. ගුරුවරයා - teacher - ටීච' 
  3. පුටුව - chair - චෙඅ' 
  4. මේසය - table - ටෙඉබ්ල් 
  5. කොල්ලා - boy - බොයි 
  6. කෙල්ල - girs - ග''ල් 
  7. පාර - road - ර'උඩ් 
  8. වීදිය - street - ස්ට්රීට් 
  9. මල - flower - ෆ්ලඋඅ' 
  10. සර්පයා - snake - -ස්නෙඉක් 
  11. දොර - door - -ඩෝ 
  12. ජනේලය - window - වින්ඩ'උ 
  13. සමාගම - company - -කම්ප'නි 
  14. කඩය - shop - ෂොප් 
  15. ගෙය - house - හඋස් 
  16. කාමරය - room - රූම් 
  17. ගමන - journey - ජ''නි 
  18. සිසුවා - student - ස්ට්යූඩ'න්ට් 
  19. ගඟ - river - රිව' 
  20. දියඇල්ල - waterfall - වෝට'ෆෝල් 
  21. බිම - floor - ෆ්ලෝ 
  22. සඟරාව - magazine - මැගසීන් 
  23. ගම - village - විලිජ් 
  24. නගරය - town - ටඋන් 
  25. කැලය - jungle - ජංග්ල් 
  26. කපුටා - crow - ක්‍ර'උ 
  27. කමිසය - shirt - ෂ''ට් 
  28. බෝතලය - bottle - බොට්ල් 
  29. කුස්සිය - kitchen - කිච්න් 
  30. කූඩය - basket - බාස්කිට් 
  31. තැටිය/පිඟාන - plate ප්ලෙඉට් 
  32. කථාව - story - ස්ටෝරි 
  33. වත්ත - garden - ගාඩ්න් 
  34. බිත්තිය/තාප්පය - wall - වෝල් 
  35. වල/හිල - hole - හ'උල් 
  36. තටාකය - pool - පූල් 
  37. ගීතය - song - සොං 
  38. පාඩම - lesson - ලෙස'න් 
  39. ප‍රීක්ෂණය - test - ටෙස්ට් 
  40. වචනය - word - ව''ඩ් 
  41. වාක්‍ය - sentence - සෙන්ටෙන්ස් 
  42. පත්තරය - newspaper - න්යූස්පෙඉප' 
  43. රැස්වීඉම - meeting - මීටිං 
  44. පිහිය - knofe - නඉෆ් 
  45. මුද්ද - ring - රිං 
  46. මුහුණ - face - ෆෙඉස් 
  47. ඔළුව - head - හෙඩ් 
  48. තරඟය - match - මැච්
  49. ලියවිල්ල - document - ඩොක්යූම'න්ට්
  50. කැදැල්ල - nest - නෙස්ට්

 පළමු අදියර - THE FIRST STAGE


  • පළමු පියවර - පහත වචන වල උච්චාරණය හා අක්ෂර වින්‍යාසය හුරුවන්න. (තේරුම ගැන නොසිතන්න.)
  • The First Step - Learn the pronunciation and spelling of the following words without thinking about their meaning.

 

at- ඇට් / in- ඉන් / on - ඔන් / us - අස් / is - ඉස්z / and - ඇන්ඩ් / a - එඉ / I - අඉ / am - ඇම් / an - ඇන් / it - ඉට් / end - එන්ඩ් / egg - එග් / to / two - ටූ 

bed - බෙඩ් / flat - ෆ්ලැට් / chest - චෙස්ට් / then - දෙන් / throb - ත්‍රොබ් / ship - ෂිප් / trap - ට්රැප් / lend - ලෙන්ඩ් / spend - ස්පෙන්ඩ් / spot - ස්පොට් / slip - ස්ලිප්  / බල්ක් - bulk / trust - ට්‍රස්ට් / pencil - පෙන්සිල්

king - කිං / hang - හැං / song - සොං / rung - රං / kill - කිල් / smell - ස්මෙල් / pick - පික් / black - බ්ලැක් / shall -ෂැල් / drill - ඩ්රිල් / thrill - ත්‍රිල් 

picture- පික්ච' / culture - කල්ච' / action - ඇක්ෂ්න් / injection - ඉන්ජෙක්ෂ්න් / sister - සිස්ට' / system - සිස්ට'ම් / actor - ඇක්ට'

time - ටඉම් ස්ලඉඩ් - slide / ක්‍රඉම් - crime / ෂඉන් - shine / ස්මඉල් - smile / අඉස් - ice

die - ඩඉ / tie - ටඉ / lie - ලඉ / shy - ෂඉ / cry - ක්‍රඉ / spy - ස්පඉ / bind - බඉන්ඩ් / child - චඉල්ඩ්

make - මෙඉක් / space - ස්පෙඉස් / blade - බ්ලෙඉඩ් / frame - ෆ්‍රෙඉම් / chase - චෙඉස් / shape - ෂෙඉප් 

way - වෙඉ / spray - ස්ප්‍රෙඉ / pray / prey - ප්‍රෙඉ

son - සන් / won / one - වන් / ton - ටන් / wonder - වන්ඩ' / some - සම් / love - ලව් / done - ඩන් / dove - ඩව් / none - නන් / somebody - සම්බොඩි/'ඩි 

meet / meat - මීට් / creep - ක්‍රීප් / team - ටීම් / steam - ස්ටීම් / please - ප්ලීස් / increase - ඉන්ක්‍රීස් / piece / peace - පීස් / believe - බිලීව් / seen/scene - සීන් / ease - ඊස් / eel - ඊල් / eat - ඊට්

do - ඩූ/ඩු/' / does - ඩස් / are -  / go - ' / don't - 'උන්ට් / no/know - ' / be - බී / was - වොස් / were - '' 

burn - ''න් / curd - ''ඩ් / term - ''ම් / lantern - ලැන්ට''න් / bird - ''ඩ් / firm - ''ම් / learn - ''න්

pork - පෝක් / torch - ටෝච් / caught - කෝට් / taught - ටෝට් / cause / course - කෝස් / walk - වෝක් / talk - ටෝක් / raw - රෝ / law - ලෝ / call - කෝල් / wall - වෝල්

hole / whole - 'උල් / coat - 'උට් / load - 'උඩ් / no / know - ' / low - ' / row - '

head - හෙඩ් / threat - ත්‍රෙට් / spread - ස්ප්‍රෙඩ් 

loose / lose - ලූස් / decide - ඩිසඉඩ් / decision - ඩිසිෂ්න්

 

  • දෙවන පියවර - පහත ක්‍රියාපද 10 තේරුමඅක්ෂර වින්‍යාසය හා උච්චාරණය සමඟින් මතකතබාගන්න.
  • The Second Step - Memorize the following verbs with their meaning, spelling and pronunciation.

 

1.          කනවා - eat - ඊට්  

2.          බොනවා - drink ඩ්රිංක් 

3.          නිදියනවා - sleep - ස්ලීප් 

4.          කථාකරනවා - speak - ස්පීක්  

5.          වැඩකරනවා - work - ''ක් 

6.          පයින් යනවා/ඇවිදිනවා - walk - වෝක් 

7.          සෙල්ලම්කරනවා/වාදනය කරනවා - play - ප්ලෙඉ 

8.          ගතකරනවා/වියදම්කරනවා - spend - ස්පෙන්ඩ් 

9.          උගන්වනවා/කියාදෙනවා - teach - ටීච් 

10.      නරඹනවා/බලනවා - watch - වොච්

 

  • තුන්වන පියවර - පහත අදහස් 10 ප්‍රකාශකරන රටා 10 නිවැරදිව හඳුනාගෙන ඒවා මතකතබාගන්න.
  • The Third Step - Identify how the following 10 ideas are expressed using the given patterns and memorize them.

 

1.          කියවන්න. - Read. (‍රීඩ්)

2.          කියවන්නම. - Do read. (ඩූ රීඩ්)

3.          කියවන්න එපා. - Don't read. ('උන්ට් රීඩ්)

4.          මම කියවනවා. (සාමාන්‍යයෙන්) - I read. (අඉ රීඩ්)

5.          මම කියවනවා මයි. - I do read. (අඉ ඩූ රීඩ්)

6.          මම කියවන්නේ නෑ. - I don't read. (අඉ 'උන්ට් රීඩ්)

7.          ඔයා කියවනවද? - Do you read? (ඩූ යූ රීඩ් / 'රීඩ්)

8.          මම කියව කියව ඉන්නේ. - I'm reading. (අඉම් රීඩිං)

9.          මම කියව කියව නෙවෙයි ඉන්නේ. - I'm not reading. (අඉම් නොට් රීඩිං)

10.      ඔයා කියව කියවද ඉන්නේ? - Are you reading? ( යූ රීඩිං / රීඩිං)


CAN YOU EXPRESS THESE IDEAS IN ENGLISH? (Set-1)

  1. මම ජීවත්වෙන්නේ රත්නපුර කහංගම. 
  2. මම එන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන ඇලපාත කියලා ගමකින්.
  3. මම වැඩට යන්නේ බස් එකෙන්. 
  4. මම මගේ ටියුෂන් ක්ලාස් වලට යන්නේ සයිකලෙන්. 
  5. මම ඉස්කෝලේ යන්නේ පයින්. 
  6. මම අවදිවෙන්නේ 4.30 ට හැමදාම උදේ. 
  7. මම නැගිටිනවා වේලසනින් හැමදාම. 
  8. මම ඉගෙනගන්නේ රත්නපුර මිහිඳු විද්‍යාලයේ. 
  9. මම එකතුකරනවා පරණ සඟරා මගේ විනෝදාංශය ලෙස. 
  10. මම මස් කනවා. 
  11. මම කෝපි බොනවා. 
  12. මම ගොඩක් ටීවී බලනවා. 
  13. මම වාර්ථා චිත්‍රපටි බලනවා මගේ නිදහස් වෙලාවේදී. 
  14. මම ගිටාරය වාදනය කරනවා මගේ විවේක වෙලාව අතර්තුරේ. 
  15. මම මගේ කොණ්ඩය සෝදනවා සතියකට තුන්පාරක්. 
  16. මම රැවුල කපනවා දවසක් හැර දවසක්. 
  17. මම රෙදි සෝදනවා සති අන්තයේදී. 
  18. මම උදවුකරනවා මිනිස්සුන්ට.
  19. මම මගේ බල්ලට කෑම දෙනවා දවසකට තුන් පාරක්. 
  20. මම කැමතියි වොලිබෝල් වලට. 
  21. මම කැමතියි පීනන්න. 
  22. මම කැමතියි ඒක දකින්න. 
  23. මට ඕනි මේක. 
  24. මට ඕනි ඉංග්‍රීසි කථාකරන්න. 
  25. මට අවශ්‍යයයි වැඩිපුර වෙලාව. 
  26. මට අවශ්‍යයි මගේ ඉංග්‍රීසි වැඩිදියුණුකර ගන්න. 
  27. මම දන්නවා මේ කඩේ. 
  28. මම අඳුරනවා ඔයාගේ මාමව. 
  29. මම මහන්සියෙන් වැඩකරනවා මගේ රැකියාවේ. 
  30. මම සැහැල්ලු කමිස අඳිනවා. 
  31. මම නිදියනවා සවස 10.00 ඉඳන් උදේ 4.00 වෙනකං. 
  32. මම රේඩියෝ එක අහනවා විනාඩි 20 ක්. 
  33. මම ඉගෙනගන්නවා විෂයයන් 11 ක්. 
  34. මම ඩික්ෂනරියක් පාවිච්චිකරනවා. 
  35. මම උයනවා ඇත්තටම හොඳින්. 
  36. මම තියාගන්නවා මගේ කාමරය පිරිසිදුව. 
  37. මම ඕනිතරම් වතුර බොනවා. 
  38. මම ගතකරනවා මගේ නිදහස් වෙලාව පොත් හා සඟරා කියවමින්. 
  39. මම නැගිටලා මගේ ඇඳ හදනවා. 
  40. මම මගේ දවස සැලසුම්කරන්නේ ඇඳට වෙලා.
  41. මම වාහනයෙන් යන්නේ වැඩට. 
  42. මම කථාකරන්නේ දෙමළ. 
  43. මම ෆෝන් කඩයක් කරනවා. 
  44. මම ආසයි සත්තුන්ට. 
  45. මම ආසයි උගන්වන්න. 
  46. මට පෙන්වන්න බෑ මේ විෂය. 
  47. මට පෙන්වන්න බෑ වේලාසනින් අවදිවීම.
  48. මම ෆෝන් කරනවා මගේ යාළුවාට දවසකට සැරයක්. 
  49. මම දෙනවා මගේ යාළුවට ලිෆ්ට් එකක් වැඩට. 
  50. මම මගේ බිල් ගෙවන්නේ මුදල් වලින්.

CAN YOU EXPRESS THESE IDEAS IN ENGLISH? (Set-2)

  1. මම මගේ අම්මට උදවුකරකර ඉන්නේ. 
  2. මම ෆිල්ම් එකක් බලබල ඉන්නේ මගේ පරිගණකයේ. 
  3. මම ටීෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ. 
  4. මම උත්සහා කරකර ඉන්නේ මේක ඉවර කරන්න. 
  5. මම පාර අයිනේ හිටගෙන ඉන්නේ. 
  6. මම පළවෙනි පේලියේ වාඩිවෙලා ඉන්නේ. 
  7. මම මගේ කාමරයේ නිදියගෙන ඉන්නේ. 
  8. මම සෝෆා එකේ වැතිරී ඉන්නේ. 
  9. මම පුස්තකාලයට යමින් ඉන්නේ. 
  10. මම වැඩකරකර ඉන්නේ මගේ මේසයේ. 
  11. මම කල්පනාකරකර ඉන්නේ මේ අර්බුධය ගැන. 
  12. මම ගුරුවරයා එක්ක කථාකරකර ඉන්නේ. 
  13. මම යතුර හොයහොය ඉන්නේ. 
  14. මම බස් එක එනකං බලාගෙන ඉන්නේ. 
  15. මම බෝඩ් එක දිහා බලාගෙන ඉන්නේ. 
  16. මම බබාව බලාගනිමින් ඉන්නේ. 
  17. මම හෝටලයක නැවතිලා ඉන්නේ. 
  18. මම තත්පර ගැනගැන ඉන්නේ. 
  19. මම අළුත් පාඩමක් උගන්වමින් ඉන්නේ. 
  20. මම බිම අතුගාමින් ඉන්නේ. 
  21. මම වැඩට වාහනයෙන් යමින් ඉන්නේ. 
  22. මම එක්ක යමින් ඉන්නේ පොඩි කට්ටිය පාක් එකට. 
  23. මම ගුරුවරයාට ඇහුන්කන්දෙමින් ඉන්නේ. 
  24. මම කරුණු එකතුකරමින් ඉන්නේ රචනයට. 
  25. මම මගේ පූසෝ දෙන්නට කෑම දිදී ඉන්නේ.
  26. මම ගිටාරය පුහුණුවෙමින් ඉන්නේ. 
  27. මම ඔහුගේ කාමරය සෝදිසි කරමින් ඉන්නේ. 
  28. මම ඇයගේ අත අල්ලාගෙන ඉන්නේ. 
  29. මම ඔයාගේ බෑග් එක රැගෙනයමින් ඉන්නේ. 
  30. මම ආකෘතිය වෙනස්කරමින් ඉන්නේ. 
  31. මම දවල්ට කකා ඉන්නේ. 
  32. මම රෙදි මදිමින් ඉන්නේ. 
  33. මම බඩු ටිකක් ගනිමින් ඉන්නේ. 
  34. මම අන්තිම ප්‍රශ්නෙට උත්තරදෙමින් ඉන්නේ. 
  35. මම අළුත් සැලැස්මක් හදමින් ඉන්නේ. 
  36. මම කෙසෙල් ගෙඩියක් කකාකකා ඉන්නේ. 
  37. මම රැකියාවක් සොයමින් ඉන්නේ. 
  38. මම ට්රිප් එකක් සංවිධානයකරමින් ඉන්නේ. 
  39. මම ගිටාරය වාදනය කරන්න ඉගෙනගනිමින් ඉන්නේ. 
  40. මම රට යන්න සැලසුම් කරමින් ඉන්නේ. 
  41. මම අර ගහ ෆෝකස් කරකර ඉන්නේ. 
  42. මම ඇදුම රෝගයෙන් පෙලෙමින් ඉන්නේ. 
  43. මම මේ විෂය ගැන වැඩිපුර ඉගෙනගනිමින් ඉන්නේ. 
  44. මම ඔයාගෙන් අහමින් ඉන්නේ පලමු සිදුවීම ගැන. 
  45. මම අරගල කරකර ඉන්නේ මට හොඳම රැකියාව සොයාගන්න. 
  46. මම ඔයාට විහිළුවට කියන්නේ. 
  47. මම විහිළුවට කියන්නේ. 
  48. මම ජන ගීයක් ගයමින් ඉන්නේ. 
  49. මම ලෝකය වටා සංචාරය කරමින් ඉන්නේ. 
  50. මම පදවමින් ඉන්නේ මට පුළුවන් තරම් හෙමින්. 
  51. මම අද ඕනෑවට වඩා මහන්සියෙන් වැඩකරමින් ඉන්නේ.


  • හතරවන පියවර - පහත ප්‍රකාශන ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කිරීමට ඉගෙනගන්න.
  • The Fourth Step - Learn to express the following ideas in English.

1.          බොන්න. 

2.          කතාකරන්නම. 

3.          නිදියන්න එපා. 

4.          මම පයින් යනවා. 

5.          මම උගන්වනවා මයි. 

6.          මම සෙල්ලම්කරන්නේ නෑ. 

7.          ඔයා ගතකරනවද? 

8.          මම වැඩකරකර ඉන්නේ. 

9.          මම නරඹමින් නෙවෙයි ඉන්නේ. 

10.      ඔයා පයින් යමින්ද ඉන්නේ?

විශේෂ උපදෙස - ඉංග්‍රීසි ක්‍රියාපද හැකි පමණ ඉගෙනගෙන ඉහත රටා යොදාගෙන ඒවා ප්‍රායෝගිකව භාවිතාකිරීම පුහුණුවන්න.

Special Tip - Learn as many English verbs as possible and practice using them practically using the patterns given above.

 

  • පස්වන පියවර - පහත නාමපද 10 උච්චාරණයඅක්ෂර වින්‍යාසය හා තේරුම සමඟින් මතක තබාගන්න.
  • The Fifth Step - Memorize the 10 nouns below with their pronunciation, spelling and meaning.

1.     බල්ලා - dog - ඩොග් 

2.     කඩය - shop - ෂොප් 

3.     පුටුව - chair - චෙඅ

4.     ගුරුවරයා - teacher - ටීච

5.     සිසුවා/සිසුවිය - student ස්ට්යූඩ'න්ට් 

6.     ගොඩනැගිල්ල - building - බිල්ඩිං 

7.     ජනේලය - window - වින්ඩ' 

8.     රේඩියෝව - radio - රෙඉඩිඅ' 

9.     සඟරාව - magazine - මැගසීන් 

10. වීදිය - street - ස්ට්රීට්

 

  • හයවන පියවර - පහත අදහස් ප්‍රකාශකිරීම සඳහා නාම ප්‍රකාශන නිර්මාණය වන අකාරය අධ්‍යයනය කරන්න.
  • The Sixth Step - Study how noun phrases are formed to express the following ideas.

 

1.          පොතක් - a book - එඉ බුක් / 'බුක්  

2.          පොත - the book - දී බුක් / 'බුක් 

3.          පොත් - books - බුක්ස් 

4.          පොත් ටික - the books - දී බුක්ස් / බුක්ස් 

5.          පොත් ටිකක් - some books - සම් බුක්ස් 

6.          පොත් ගොඩක් - a lot of books - එඉ ලොට් ඔව් බුක්ස් / 'ලොට'ව් බුක්ස් 

7.          මේ පොත - this book -  දිස් බුක් 

8.          මේ පොත් - these books - දීස් බුක්ස් 

9.          අර පොත - that book - දැට් බුක්

10.      අර පොත් - those books - 'උස් බුක්ස්

 

  • හත්වන පියවර - පහත අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශකරන අයුරු අධ්‍යයනය කරන්න.
  • The Seventh Step - Study how the following ideas are expressed in English.

 

1.          බල්ලෙක් 

2.          රේඩියෝව 

3.          ගුරුවරු 

4.          පුටු ටික 

5.          සඟරා ටිකක් 

6.          ගොඩනැගිලි ගොඩක් 

7.          මේ ජනේලය 

8.          මේ සිසුන් ටික 

9.          අර වීදිය 

10.      අර කඩ ටික

 

  • අටවන පියවර - පහත ප්‍රකාශන 10 මතකතබා ගන්න.
  • The Eighth Step - Memorize the 10 expressions below.

 

1.          චිත්‍රපටියක් නරඹන්න. - Watch a film. - වොච් එඉ ෆිල්ම් / වොචෆිල්ම්

2.          දොර අරින්න. - Open the door. - 'උප'න් දී ඩෝ / 'උප'න් 'ඩෝ

3.          පොත් කියවන්න. – Read books. - රීඩ් බුක්ස්

4.          යතුරු ටික ගේන්න. - Bring the keys. - බ්රිං දී කීස් / බ්රිං 'කීස්

5.          යාළුවෝ ටික දෙනෙක්ට ආරාධනා කරන්න. - Invite some friends. - ඉන්වඉට් සම් ෆ්‍රෙන්ඩ්ස් / ඉන්වඉට් 'ම් ෆ්‍රෙන්ඩ්ස්

6.          ගොඩක් දේවල් එකතුකරන්න. - Collect a lot of things. - 'ලෙක්ට් එඉ ලොට් ඔව් තින්ග්ස් / 'ලෙක්ටලොට'ව් තිංස්

7.          මේ පාඩම ඉවරකරන්න. - Finish this lesson. - ෆිනිෂ් දිස් ලෙස්න්

8.          මේ කුරුල්ලන්ට කෑම දෙන්න. - Feed these birds - ෆීඩ් දීස් ''ඩ්ස්

9.          අර පුටුව ගන්න. - Take that chair. - ටෙඉක් දැට් චෙඅ'

10.      අර කෙල්ලෝ ටිකගෙන් අහන්න. - Ask those girls. - ආස්ක් 'උස් ''ල්ස්

 

CAN YOU EXPRESS THESE IDEAS IN ENGLISH? (Set-3)

  1. ගහක් සිටුවන්න. 
  2. බිල ගෙවන්න. 
  3. විභාගයක් ගන්න. 
  4. කුඩය ඉහලන්න. 
  5. පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්ට ආරාධනා කරන්න. 
  6. එල් බෝඩ් එක ප්‍රදර්ශනය කරන්න. 
  7. විශ්වවිද්‍යාලයක් බලන්න යන්න. 
  8. සංගමයට එකතුවෙන්න. 
  9. යුරෝපීය කාර් එකක් මිලටගන්න. 
  10. ඉංග්‍රීසි ගුරුවරයාගෙන් අහන්න. 
  11. අළු බඳුන සොයන්න. 
  12. හොඳ රස්සාවක් හොයාගන්න. 
  13. ඔහුට අවවාද කරන්න. 
  14. ඇයට දන්වන්න. 
  15. ඒක ගේන්න. 
  16. ඌට කෑම දෙන්න. 
  17. මට කියාදෙන්න. 
  18. අපට උදවුකරන්න. 
  19. ඔවුන්ව අවදිකරවන්න. 
  20. එකක් ගන්න. 
  21. දෙකක් මිලට ගන්න. 
  22. එකක් ලබාගන්න. 
  23. මේක අල්ලාගන්න. 
  24. මේවා පිරිසිදු කරන්න. 
  25. අරක අහුලා ගන්න. 
  26. අර ටිකේ තීන්ත ගන්න. 
  27. මෙයාව බඳවාගන්න. 
  28. මෙයාලට උපදෙස් දෙන්න. 
  29. අරයට තදින් අවවාදකරන්න. 
  30. අර කට්ටියට දඩ ගහන්න. 
  31. යමක්/මොනවහරි කරන්න. 
  32. යමෙක්ගෙන්/කාගෙන්හරි අහන්න. 
  33. ඕනිදෙයක් කියන්න. 
  34. ඕනිකෙනෙක්ව සම්මුඛපරීක්ෂා කරන්න. 
  35. කාටවත් කියන්න එපා. 
  36. මොකුත් වෙනස්කරන්න එපා. 
  37. හැමදෙයක්ම පරීක්ෂාකරන්න. 
  38. හැමෝටම ස්තුති කරන්න. 
  39. මට කියන්න ඔයාගේ නම. 
  40. අපට දෙන්න අර පෙට්ටිය. 
  41. මට මිලට අරගෙන දෙන්න කමිසයක්. 
  42. ඇයට හොයලා දෙන්න වඩා හොඳ රස්සාවක්. 
  43. මට යතුරු ටික දෙන්න. 
  44. ඔවුන්ට වතුර ටිකක් ගෙනත් දෙන්න. 
  45. මට මේ වැඩේ කරලා දෙන්න. 
  46. මට මොකුත් නරක දෙයක් කරන්න එපා. 
  47. මට ඒක කරලා දෙන්න. 
  48. මට ඒක කරන්න එපා.
  49. චිත්‍රපටි බලන්න. 
  50. ජනෙල් ටික වහන්න. 
  51. එක දෙයක් කරන්න. 
  52. දවස් දෙකක් ගතකරන්න. 
  53. කොල්ලෝ තුන් දෙනාට ගහන්න. 
  54. පළමු අදියර සම්පූර්ණ කරන්න. 
  55. පළවෙනි ප්‍රශ්න දෙක අතහරින්න. 
  56. ගොඩක් ගොවීන්ට අධ්‍යාපනය දෙන්න. 
  57. කරුණු ටිකක් එකතු කරන්න. 
  58. කෙටි පාරකින් යන්න. 
  59. ඉක්මන් කරන්න. 
  60. කුඩේ කෝ කියලා බලන්න. 
  61. මගේ ගමන්මළු ටික බලාගන්න. 
  62. මේ ක්‍රම වලින් එකක් පාවිච්චිකරන්න. 
  63. ලයිට් එක දාන්න. 
  64. ඔයාගේ බෑග් එක පැක් කරගන්න. 
  65. ටීවී එක ඕෆ් කරන්න. 
  66. රේඩියෝ එක වැඩි කරන්න. 
  67. අයන් එක අඩු කරන්න. 
  68. චාජරය ගහන්න. 
  69. හීටරය ගලවන්න. 
  70. වැඩිපුර තොරතුරු ඉල්ලන්න. 
  71. වේටර්ගෙන් බිල ඉල්ලන්න. 
  72. රැස්වීම කල්දාන්න. 
  73. ව්‍යාපෘතිය දියත්කරන්න. 
  74. අරගලය කරගෙන යන්න. 
  75. හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනාකරන්න. 
  76. විරෝධතාවය අවසන්කරන්න. 
  77. ඉලක්කයට ලඟාවෙන්න. 
  78. අරමුණ මුදුන්පමුණුවාගන්න. 
  79. එයාලට පීසා එකක් ඕඩර් කරන්න.
  80. පියවර ගන්න. 
  81. අවශ්‍ය පියවර ගන්න. 
  82. වෙනස තේරුම්ගන්න. 
  83. රස්නය දැනෙන්න. 
  84. මේ වචන ටික පාඩම් කරගන්න. 
  85. සැකකරුවන් ටික අතඩංගුවට ගන්න.  
  86. වැදගත් කරුණු ටීක පෙන්වා දෙන්න. 
  87. අත්වැරදි කරන්න එපා. 
  88. ආයේ ඒ සද්දේ දාන්න එපා. 
  89. බස් එක අල්ලාගන්න. 
  90. කෝච්චියෙන් යන්න. 
  91. ටැක්සියක් ගන්න. 
  92. මට ලිෆ්ට් එකක් දෙන්න. 
  93. හෙම්බිරිස්සාවක් හදාගන්න. 
  94. ඇඳුම් ඇඳගන්න. 
  95. ඇඳුම් ගලවන්න. 
  96. කමිසයක් ඇඳගන්න. 
  97. ඔයාගේ කමිසය ගලවන්න. 
  98. ටීෂර්ට් අඳින්න. 
  99. සපත්තු පලඳින්න.
  100. නිදහස් ජීවිතයක් ජීවත්වෙන්න.



  • නවවන පියවර - පහත ප්‍රකාශන 10 මතකතබා ගන්න.
  • The Ninth Step - Memorize the 10 expressions below.

 

1.          කුරුල්ලෙක් වගේ - like a bird - ලඉක් එඉ ''ඩ් / ලඉක'''ඩ්

2.          මේසේ උඩ - on the table - ඔන් දී ටෙඉබ්ල් / ඔන්ද'ටෙඉබ්ල්

3.          සතුන් වෙනුවෙන් - for animals - ෆෝ ඇනිම'ල්ස් / 'රැනිම'ල්ස්

4.          ගස් ටික අතරේ - among the trees - අමං දී ට්රීස් / අමංද'ට්රීස්

5.          කොල්ලෝ ටික දෙනෙක් එක්ක - with some boys - විද් සම් ('ම්බොඉස්

6.          රැකියා  ගොඩක් ගැන - about a lot of jobs - 'බඋට් එඉ ලොට් ඔව් ජොබ්ස් / අබඋට'ලොට'ව් ජොබ්ස්

7.          මේ පාර දිගේ - along this road - 'ලොං දිස් 'උඩ් 

8.          මේ පහසුකම් නැතිව - without these facilities - විදඋට් දීස් 'සිලිටීස්

9.          අර කාමරය ඇතුලට - into that room - ඉන්ටූ දැට් රූම්

10.      අර ගොඩනැගිලි ටික ඇතුලේ - in those buildings - ඉන් 'උස් බිල්ඩිංස්

 

  • දහවන පියවර - පහත ප්‍රකාශන 10 මතකතබා ගන්න.
  • The Tenth Step - Memorize the 10 expressions below.

 

1.          කුරුල්ලෙක් වගේ ජීවත්වෙන්න. - Live like a bird. - ලිව්  ඉක් එඉ ''ඩ් / ලිව් ලඉක''ඩ්

2.          මේසෙ උඩ සකස්කරන්න. - Arrange on the table. - අරෙඉන්ජ් ඔන් ටෙඉබ්ල්

3.          සතුන් වෙනුවෙන් සටන්කරන්න. - Fight for animals. - ෆඉට් ෆෝ ඇනිමල්ස් / ෆඉට් 'රැනිමල්ස්

4.          ගස් ටික අතරේ හැංගෙන්න. - Hide among the trees. - හඉඩ් 'මං දී ට්රීස් / හඉඩ'මංද'ට්රීස්

5.          කොල්ලෝ ටික දෙනෙක් එක්ක සෙල්ලම් කරන්න. - Play with some boys. - ප්ලෙයි විද් 'ම් බොඉස්

6.          රැකියා ගොඩක් ගැන කියවන්න. - Read about a lot of jobs. - රීඩ් ' උට්   ලොට් ඔව් බුක්ස් / රීඩ'බඋටලොට'ව් බුක්ස්

7.          මේ පාර දිගේ ඇවිදගෙන යන්න. - Walk along this road. - වෝක් 'ලොං දිස් 'උඩ් / වෝක'ලොං දිස් 'උඩ්

8.          වැඩකරන්න බලන්න මේ පහසුකම් නැතිව. - Try to work without these facilities. - ට්‍රඉ ටු ''ක් විදඋට් දීස් 'සිලිටීස් / ට්‍රඉට'''ක් විදඋට් දීස් 'සිලිටීස්

9.          අර කාමරය ඇතුලට දුවන්න. - Run into that room. - රන් ඉන්ටූ දැට් රූම් / රනින්ටූ දැට් රූම්

10.      අර ගොඩනැගිලි තුල පුහුණු වෙන්න. - Practice in those buildings. - ප්‍රැක්ටිස් ඉන් 'උස් බිල්ඩිංස් / ප්‍රැක්ටිසින් 'උස් බිල්ඩිංස්

 

CAN YOU EXPRESS THESE IDEAS IN ENGLISH? (Set-4)

  1. අනාගතය ගැන කල්පනා කරන්න. 
  2. ඔයාගේ සැලසුම් ගැන කථාකරන්න. 
  3. තමන්ව අදහන්න. 
  4. ඔයාගෙ ශක්තිය මත විශ්වාසය තියන්න. 
  5. බෝඩ් එක දිහා බලාගෙන ඉන්න. 
  6. අර පිංතූරය දිහා දිගටම බලාගෙන ඉන්න. 
  7. ක්ෂිතිජය දිහා බලාගෙන ඉන්න. 
  8. අර මනුස්සයා දිහා බලලා අහක බලාගන්න. 
  9. අරයට ඇහැක් ගහන්න. 
  10. කොල්ලට රවන්න. 
  11. ගුරුවරයා එනකං ඉන්න. 
  12. ගුරුවරයා පාඩම පටන්ගන්න කං ඉන්න. 
  13. මම ටිකට් ටිකට ගෙවන්නම්. 
  14. සමන් එක්ක තථාකරන්න. 
  15. ගුරුවරයා එක්ක කථාකරන්න. 
  16. කළමණාකරු එක්ක සාකච්චාකරන්න. 
  17. මගේ කථාව අහන්න. 
  18. ඔයාගේ දෙමාපියන්ට ලියන්න. 
  19. මගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වන්න. 
  20. ආර්ථිකයට දායකත්වයක් දක්වන්න. 
  21. ප්‍රායෝගික පැතිකඩ කෙරෙහි අවධානය යොමුකරන්න. 
  22. පාඩම කෙරෙහි හිත යොමුකරන්න. 
  23. ඔයාගේ ලමා කාළය ගැන ලියන්න. 
  24. මගේ අළුත් වීඩියෝ එක ගැන අදහස් දක්වන්න. 
  25. ඔයාගේ පැහැදිලි කිරීම දිගටම කරන්න. 
  26. යුරෝපයේ ජීවත්වීම ගැන සිහින දකින්න. 
  27. පාරිභෝගිකයාගෙන් සමාවගන්න. 
  28. කළමණාකරුට පැමිණිලිකරන්න. 
  29. මේ ඇබෑර්තුවට අයදුම්කරන්න. 
  30. මානව සම්පත් කළමණාකරුට අයදුම්කරන්න. 
  31. ලෝකය ගැන ඉගෙනගන්න. 
  32. ඊලඟ සැසියට සූදානම් වෙන්න. 
  33. නැවතුම් පළට පැමිණෙන්න. 
  34. ගැටළුවත් එක්ක කටයුතු කරන්න. 
  35. මේ රෝගියාට සාත්තුකරන්න. 
  36. මේ කාරණය ගැන සොයාබලා කටයුතු කරන්න. 
  37. ඔයාගේ දෙමාපියන්ට පැහැදිලි කරන්න. 
  38. ඔයාගේ සේවාදායකයන්ට ඇත්ත තත්වය පැහැදිලිකරන්න. 
  39. මට විස්තරකරන්න. 
  40. මේ පිංතූරය පන්තියට විස්තරකරන්න. 
  41. මේ වැඩමුළුවට සාභාගීවෙන්න. 
  42. සමාජ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න. 
  43. සත්‍ය තොරතුරු වලින් මේ අයදුම්පත පුරවන්න. 
  44. වීදුරුව පුරවන්න එළ කිරි වලින්. 
  45. ලොරියට වැලි පටවන්න. 
  46. ගොවීන්ට ජලය සපයන්න. 
  47. සිසුන්ට වඩා හොඳ පහසුකම් ලබාදෙන්න.
  48. තාත්තා එක්ක මේ ගැන කථාකරන්න. 
  49. අර්බුධය එක්ක සාර්ථකව කටයුතු කරන්න.
  50. රට වෙනුවෙන් යාඥාකරන්න.


  • එකලොස්වන පියවර - පහත සංවාදය මතකතබාගෙන භාවිතාකරන්න.
  • The Eleventh Step - Memorize and use the following conversation.

1.     හායි, මචං. - Hi, mate. - හඉ මෙඉට්

2.     ගුඩ් මෝනිං. - Good morning. - ගුඩ් මෝනිං

3.     ඉතිං කොහොමද? - How're you doing? - හඋඅ'' ඩුඉං

4.     හොඳින්. - Fine, thanks. - ෆඉන්, තැංක්ස්

5.     උඹටත් කොහොමද? - And you? - 'න්ඩ් '

6.     නරක නෑ. - Not bad. - නොට් බැඩ්

7.     හොඳින් ඉන්නවා. - Keeping well. - කීපිං වෙල්

8.     උඹ කොහේ යනගමන්ද? - Where are you off to? - වෙඅ''' ඔෆ් '

9.     මම පුස්තකාලයට යන ගමන්. - I'm on my way to the library. - මොන් වෙඉ ' ' ඉබ්‍ර'රි

10. උඹ කොහෙද යන්නේ? - What about you? - වොට' උට් '

11. මම යන්නේ ටවුන් එකට. - I'm going into town. - අඉම් ගොඉං ඉන්ටු උන්

12. මොකටද? - What for? - වොට් ෆෝ

13. බඩු ටිකක් ගන්නද? - To do some shopping? - ' ඩූ සම් ෂොපිං

14. ඇත්තටම නෑ. - Not, really. - නොට් රිඅ'ලි

15. මට ඕනි බැංකුවට යන්න. - I wanna go to the bank. - අඉ වොන' ' '' බැංක්

16. ඒක නෙවෙයි, උඹ පුස්තකාලෙට යන්නේ පොතක් ගන්නද? - By the way, are you going to the library to borrow a book? - බඉද' වෙඉ '' ගොඉං '' ඉබ්‍රරි ' බොර' 'බුක්

17. නෑ, මචං. යාළුවෙක් හම්බවෙන්න විතරයි. - No, mate. Just to meet a friend. - ' මෙඉට් ජස්ට'මීට' ෆ්‍රෙන්ඩ්

18. මම හිතන්නේ අද ඒක වහලා. - I think it's closed today. - අඉ තිංක් ඉට්ස් කල'උස්ට් 'ඩෙඉ

19. අද රජයේ නිවාඩු දවසක් නේද? - It's a public holiday today, isn't it? - ඉට්ස' පබ්ලික් හොලිඩෙඉ 'ඩෙයි ඉස්න් ටිට්

20. ඔව්. - Yeah. - යෙඅ'

21. චුට්ටක් ඉන්න. - Wait a second. - වෙඉට' සෙක'න්ඩ්

22. වෙලාව කීයද දැන්? - What time is it now? - වොට් ටඉමීසිට් නඋ

23. 2.30 ටම වෙලා. - It's almost 2.30. - ඉට්ස් ඔල්ම'උස්ට් ටූ ''ටි

24. අපි පොඩි මොනවහරි කමුද? - Shall we have a snack? - ෂැල් වී '' ස්නැක්

25. මට යන්තමට බඩගිනියි. - I feel rather peckish. - අඉ ෆීල් රාද' පෙකිෂ්

26. හොඳ අදහස- Good idea. - ගුඩඉඩිඅ

 

  • දොලොස්වන පියවර - දී ඇති වාක්‍ය රටා භාවිතා කර පහත කරුණු ඇතුලත් තමන් ගැන හඳුන්වාදීමක් කරන්න.
  • The Twelfth Step - Make an introduction of yourself using the given sentence patterns and including the facts below.


වාක්‍ය රටා - Sentence Patterns


  1. මම වෙනවා/ඉන්නවා ...... - I'm ...........................
  2. මම ....... නෑ/නෙවෙයි. - I'm not ......................
  3. මම කරනවා. - I do.
  4. මම කරන්නේ නෑ. - I don't do. 
  5. මට ...... තියෙනවා/ඉන්නවා. - I have ..... / I've got ......
  6. මට ...... නෑ. - I don't have .... / I haven't got .....
  7. මට ......... පුළුවන්. - I can ......
  8. මට ........... බෑ. - I can't .........
  9. මට කරන්න වෙනවා. - I have to ........
  10. මට කරන්න නෑ. - I don't have to .......
  11. මම කරකර ඉන්නේ. - I'm doing.
  12. මම කරකර නෙවෙයි ඉන්නේ. - I'm not doing.


කරුණු - Facts

  1. නම - name (නෙඉම්)
  2. සුරතල් නම - pet name (පෙට් නෙඉම්)
  3. කවට නම - nickname (නික්නෙඉම්)
  4. පදිංචිය - residence (රෙසිzඩ'න්ස්)
  5. වයස - age (එඉජ්)
  6. උපන් දිනය - date of birth (ඩෙඉට'උබ''ත්)
  7. උපන් ස්ථානය - place of birth (ප්ලෙඉස'ව් බ''ත්)
  8. පවුල - family (ෆැම'ලි)
  9. දෙමාපියන් - parents (පෙඉර'න්ට්ස්)
  10. සහෝදර සහෝදරියන් - siblings (සිබ්ලිංස්)
  11. අධ්‍යාපනය - education (එඩ්යුකෙඉෂ්න්)
  12. රැකියාව - job (ජොබ්)
  13. නිදහස් වෙලාව - free time (ෆ්‍රී ටඉම්)
  14. ගතිගුණ - qualities (ක්වොලිටීස්)
  15. කැමති අකමැති දේ - likes and dislikes (ලඉක්ස'න්ඩ් ඩිස්ලඉක්ස්)
  16. හැකියාවන් - abilities (අ'බිලිටීස්)
  17. අනාගත සැලසුම් - future plans (ෆ්යූච' ප්ලැන්ස්)

 

CAN YOU EXPRESS THESE IDEAS IN ENGLISH? (Set-5)

  1. මම සමන් කුමාර. 
  2. මම රත්නපුරෙන් කමල් පෙරේරා. 
  3. මම අවුරුදු 19 වයස පාසල් හැරගිය අයෙක්. 
  4. මම ලිපිකරුවෙක්. 
  5. මම විධායකයෙක් රජයේ ආයතනයක. 
  6. මම 10 ශ්‍රේණියේ සිසුවෙක්. 
  7. මම ආර්ථික විද්‍යා උපාධිධාරියෙක්. 
  8. මම උපාධි අපේක්ෂකයෙක්. 
  9. මම ව්‍යාපාරිකයෙක්. 
  10. මම ව්‍යවසායකයෙක්. 
  11. මම ලාංකිකයෙක්. 
  12. මම බෞද්ධයෙක්. 
  13. මම ලාංකික බෞද්ධයෙක්. 
  14. මම දුම්නොබොන්නෙක්. 
  15. මම මත්පැන් නොබොන්නෙක්. 
  16. මම උනන්දුවෙක්. 
  17. මම සාර්ථකත්වය හඹායන්නෙක්. 
  18. මම නිහතමානී පුද්ගලයෙක්. 
  19. මම ඔයා දන්න කෙනෙක්. 
  20. මම දුප්පත් ගොවියෙක්. 
  21. මම සරල ගැමියෙක්. 
  22. මම පිටස්තරයෙක්. 
  23. මම ඇතුලේ කෙනෙක්. 
  24. මම පූර්ණකාලීනයෙක්. 
  25. මම අදේවවාදියෙක්. 
  26. මම මස් නොකන්නෙක්. 
  27. මම තමයි කළමණාකරු මෙම ශාඛාවේ. 
  28. මම තමයි ප්‍රධානියා මේ දෙපාර්තමේන්තුවේ. 
  29. මම තමයි මහ ඇමතිගේ ලේකම්. 
  30. මම තමයි ඔයාට ඕනි දේ. 
  31. මම ස්ථිර සේවකයෙක්. 
  32. මම අනියම් කම්කරුවෙක්. 
  33. මම නිදහස් සේවා සපයන්නෙක්. 
  34. මම ක්‍රිකට් ලෝලියෙක්. 
  35. මම සතුන්ට ආදරය කරන්නෙක්. 
  36. මම හොඳට කියවන කෙනෙක්. 
  37. මම හොඳට නින්දයන්නේ නැති කෙනෙක්. 
  38. මම නිදහස් මනුස්සයෙක්. 
  39. මම ස්වාධීන කාන්තාවක්. 
  40. මම ස්ත්‍රීවාදියෙක්. 
  41. මම හොඳට බොන කෙනෙක්. 
  42. මම බේබද්දෙක්. 
  43. මම වැඩකරන්නම උපන් කෙනෙක්. 
  44. මම බොරුකාරය්‍යෙක්. 
  45. මම රැවටිලිකාරයෙක්. 
  46. මම වංචාකාරයෙක්. 
  47. මම තක්කඩියෙක්. 
  48. මම සමන් දෙවි භක්තිකයෙක්. 
  49. මම උනන්දු ශිෂ්‍යයෙක්. 
  50. මම උනන්දු පාපන්දු ක්‍රීඩකයෙක්. 
  51. මම නිහතමානී ගැමියෙක්. 
  52. මම දානපතියෙක්. 
  53. මම ලෝභයෙක්. 
  54. මම ගොඩක් කියවන කෙනෙක්. 
  55. මම හොඳට ඇහුන්කන්දෙන්න 
  56. බැරි කෙනෙක්. 
  57. මම මෙතන ගුරුවරුන්ගෙන් එක්කෙනෙක්. 
  58. මම තමයි මෙහෙයුම් කළමණාකරු. 
  59. මම සහකාර කතෘ වරයෙක් ක්‍රීඩා සඟරාවක. 
  60. මම එච්චර සමාජයට මුහුණ නොදෙන කෙනෙක්. 
  61. මම හොඳින් සමාජයට මුහුණ දෙන කෙනෙක්. 
  62. මම ආගන්තුකයෙක්. 
  63. මම සංචාරකයෙක්. 
  64. මම මගියෙක්. 
  65. මම නොදන්නා කෙනෙක්. 
  66. මම බලන්න ආපු කෙනෙක්. 
  67. මම වන්දනාකරුවෙක්. 
  68. මම ගොඩක් අදහස් තියෙන පිරිමියෙක්. 
  69. මම දුඹුරු සමැති තරුණයෙක්. 
  70. මම තමයි මේ පාර ජයග්‍රාහකයා. 
  71. මම බාහිර අයදුම්කරුවෙක්. 
  72. මම අභ්‍යන්තර අපේක්ෂකයෙක්. 
  73. මම බක පන්ඩිතයෙක්. 
  74. මම බාහිර දේශක වරයෙක්. 
  75. මම අලුතින් බඳවාගත් කෙනෙක්. 
  76. මම පරාජිතයෙක්. 
  77. මම තමයි ආයෙත් මෝඩයා. 
  78. මම තකතීරුවෙක්. 
  79. මම ඉහල ලෙස සුදුසුකම්ලත් දේශකවරයෙක්. 
  80. මම හොඳට පළපුරුද්ද තියෙන උපදේශක වරයෙක්. 
  81. මම පුහුණු වන්නෙක්. 
  82. මම අයෝජකයෙක්. 
  83. මම පුහුණුවන හෙදියක්. 
  84. මම පුහුණු ගුරුවරියක්. 
  85. මම උපාධිධාරී ගුරුවරයෙක්. 
  86. මම වරලත් ගණකාධීකාරී වරයෙක්. 
  87. මම බලපත්‍රලත් මිනුම්දෝරුවෙක්. 
  88. මම අවසරලත් නියෝජිතයෙක්. 
  89. මම තනි ළමයෙක්. 
  90. මම භෞතිකවාදියෙක්. 
  91. මම උදෙන් නැගිටලා වැඩකරන කෙනෙක්. 
  92. මම රෑට ඇහැරගෙන ඉඳලා වැඩකරන කෙනෙක්. 
  93. මම රෑට ඇහැරගෙන ඉඳලා වැඩකරන කෙනෙක්.
  94. මම තනිව දරුවන් හදාගන්න අම්මා/තාත්තා කෙනෙක්. 
  95. මම ලේ පරිත්‍යාගශීලියෙක්. 
  96. මම විවේචකයෙක්. 
  97. මම හිටපු සොල්දාදුවෙක්. 
  98. මම විශ්‍රාමික රජයේ සේවකයෙක්. 
  99. මම රජයේ කොන්ත්‍රාත්කරුවෙක්.
  100. මම ඇසුරුම් අංශයේ අධීක්ෂකවරයෙක්.

CAN YOU EXPRESS THESE IDEAS IN ENGLISH? (Set-6)

  1. මට බඩගිනියි. 
  2. මට මාර බඩගිනියි. 
  3. මට මාරම බඩගිනියි. 
  4. මට යන්තමට බඩගිනියි. 
  5. මට තිබහයි. 
  6. මට මහන්සියි. 
  7. මම හෙම්බත්වෙලා ඉන්නේ. 
  8. මට මාරම මහන්සියි. 
  9. මට මාර මහන්සියි. 
  10. මගේ මොලේ වැඩකරන්නේ නැති ගානට මහන්සියි. 
  11. මට ගොඩක් මහන්සියි. 
  12. මට මේ විභාග ටික එපා වෙලා තියෙන්නෙ. 
  13. මට නිදිමතයි. 
  14. මට මහන්සියට නිදිමතයි. 
  15. මම නිදිකිරාවැටෙනවා. 
  16. මට බෙහෙත්බීලා (වගේ) නිදිමතයි. 
  17. මට සීතලයි. 
  18. මට මාර සීතලයි. 
  19. මට දාඩියයි. 
  20. මට මාර රස්නෙයි. 
  21. මම ඉවරයි. 
  22. මම රචනය ඉවරයි. 
  23. මම කම්මැලියි. 
  24. මට කම්මැලියි. 
  25. මට මේ පාඩම කම්මැලියි. 
  26. මම අසනීපෙන්. 
  27. මම ලෙඩ වෙලා. 
  28. මට උණ් හැදිලා. 
  29. මට වමනේ යන්න වගේ. 
  30. මට වමනේ යනවා. 
  31. මට පාඩම එපා වෙලා තියෙන්නේ. 
  32. මම කොරවෙලා ඉන්නේ. 
  33. මම මඤ්ඤංවෙලා ඉන්නේ. 
  34. මම ලැජ්ජාවට පත්වෙලා ඉන්නේ. 
  35. මම විවාහකයි. 
  36. මම බැඳලා ඉන්නේ රුසියානු මනුස්සයෙක්ව. 
  37. මම අවිවාහකයි. 
  38. මම තනිකඩයි. 
  39. මම රැකියාවක් කරනවා. 
  40. මම රැකියාවක් කරන්නේ නෑ. 
  41. මට පාළුයි. 
  42. මම තනියම. 
  43. මම තෘප්තිමත් මගේ ප්‍රතිඵල වලින්. 
  44. මම අතෘප්තිමත් ඔයාලගේ සේවයෙන්. 
  45. මට සතුටුයි අළුත් ක්‍රමය ගැන. 
  46. මට සතුටු නෑ ඔයාල වැඩකරන විධිය ගැන. 
  47. මට සතුටුයි ඔයාලත් එක්ක එකතුවෙන්න. 
  48. මම තෘප්තිමත් මගේ ජීවිතයෙන්. 
  49. මට පුදුමයි ඇයගේ හැසිරීම. 
  50. මට පුදුමයි ඔවුන්ගේ ජයග්‍ර්‍රහනය. 
  51. මට මාර පුදුමයි මගේ ප්‍රතිඵල ගැන. 
  52. මම සාර්ථකයි මගේ වෘත්තියේ. 
  53. මම සාර්ථකයි ගුරුවරයෙක් විධියට.
  54. මම/මට හොඳයි. 
  55. මම ඉංග්‍රීසි වලට දක්ෂයි. 
  56. මම ක්‍රිකට් වලට දක්ෂයි. 
  57. මම අති දක්ෂයි කථා පවත්වන්න. 
  58. මම/මට නරකයි. 
  59. මම අදක්ෂයි සිංදු කියන්න. 
  60. මම මාර අදක්ෂයි කැරම් වලට. 
  61. මම ආසයි මේ විෂයට. 
  62. මම කැමැත්තක් දක්වනවා සංගීතයට. 
  63. මම භයයි උසවල් වලට. 
  64. මම භයයි මකුළුවන්ට. 
  65. මම භයයි සර්පයින්ට. 
  66. මම මාර භයයි ගුවනින් යන්න. 
  67. මට සැකයි අර මනුස්සයාව. 
  68. මට අවුලක් නෑ. 
  69. මම අවුලෙන් ඉන්නේ තත්වය ගැන. 
  70. මට අවුලක් නෑ මේ ගෙවීම. 
  71. මම සැලකිලිමත් මගේ සෞඛ්‍ය ගැන. 
  72. මම හරිම සැලකිලිමත් ප්‍රතිඵල ගැන. 
  73. මම යැපෙනවා මගේ දෙමාපියන් මත. 
  74. මම ස්වාධීනයි මගේ පවුලෙන්. 
  75. මම සමානයි මගේ සහෝදරියට. 
  76. මම වෙනස් මගේ සහෝදරයාගෙන්. 
  77. මම සමන් එක්ක හිතවත්. 
  78. මම විදේශිකයෙක් එක්ක විවාහගිවිසගෙන ඉන්නේ. 
  79. මම අඩි 05 උසයි. 
  80. මම අවුරුදු 30 ක් වයසයි. 
  81. මම විනාඩි 20 ක් පරක්කුයි දේශනයට. 
  82. මම විනාඩි 30 ක් වේලාසනයි ඉස්කෝලෙට. 
  83. මම මාස 04 ක් ගැබිනියි. 
  84. මම විශ්වාසයි මේ සංකල්පය. 
  85. මම විශ්වාසයි මගේ ජයග්‍රහණය. 
  86. මට විශ්වාසයි මගේ හැකියාවන් ගුරුවරයෙක් ලෙස. 
  87. මම අන්නාසි වලට ආසාත්මිකයි. 
  88. මම අත්දැකීම් සහිතයි මේ ක්ෂේත්‍රයේ. 
  89. මම සුදුසුකම්සහිතයි මේ රැකියාවට. 
  90. මම සුදුසුකම් සපුරලා තියෙන්නේ මේ උසස්වීමට. 
  91. මම දැනුවත් අළුත් වෙනස්කම් ගැන. 
  92. මම දන්නේ නෑ අළුත් ආකෘතිය ගැන. 
  93. මට හැකියි මේ කාර්ය හසුරුවන්න. 
  94. මට නොහැකියි ඔවුන් එක්ක ගණුදෙනු කරන්න. 
  95. මට හුරුයි මේ නගරය. 
  96. මට හුරුයි මේ ඝෝෂාව. 
  97. මම ඇබ්බැහිවෙලා ඉන්නේ දෙමල චිත්‍රපටි වලට. 
  98. මට ආඩම්බරයි මගේ පුතා ගැන. 
  99. මම ඔත්පලව ඉන්නේ. 
  100. මම සූදානම් ඊලඟ අදියරට. 
  101. මම මේ තරඟය පරදියි වගේ. 
  102. මම මේ සම්මුඛපරීක්ෂණය සමත්වෙන එකක් නෑ වගේ. 
  103. මම ඔයාලත් එක්ක එකතුවෙන්න කැමැත්තෙන් ඉන්නේ. 
  104. මම පැකිලෙනවා සල්ලි ණයට දෙන්න. 
  105. මම කැමැත්තක් නෑ මගේ ජීවන රටාව වෙනස්කරන්න. 
  106. මම ලැජ්ජයි ප්‍රසිද්ධියේ කතාකරන්න. 
  107. මම වරප්‍රසාදලත් ඔයාලත් එක්ක වැඩකරන්න.
  108. මම කාරුණිකයි සත්තුන්ට. 
  109. මම ඔරොත්තු දෙනවා විවේචනයන්ට. 
  110. මම උදවුකරනවා මගේ පවුලේ අයට. 
  111. මම විවෘතයි අළුත් දේවල් වලට. 
  112. මම කම්කටොළු දරාගන්න පුළුවන්. 
  113. මම සංවේදී අනිත් අයගේ උවමනා හා අවශ්‍යතා වලට. 
  114. මම වගකියනවා මුදලින් කරන ගෙවීම් වලට. 
  115. මම සම්බන්ධ ප්‍රධාන කාර්යාලයට. 
  116. මම හෝටල් කර්මාණ්තයේ නිරතව ඉන්නේ. 
  117. වර්තමාන ආර්තික ක්‍රමය මට පිළිකුල්. 
  118. මම පරෙස්සම් මට අයිති දේවල් ගැන.
  119. මම පරෙස්සම් මම කතාකරන දේවල් ගැන. 
  120. මට සමාවෙන්න මෙතන තියෙන අවුලට.
  121. මම ඔබට ස්තුතිවන්ත වෙනවා ඔයාගේ වටිනා අවවාද වලට. 
  122. මා ඔබට කෘතඥවෙනවා ඔයාගේ සහයෝගයට. 
  123. මම කේන්තියෙන් ඉන්නේ ඔයාලත් එක්ක ප්‍රමාදය ගැන. 
  124. මම විරුද්ධයි මේ සැලැස්මට. 
  125. මම අනවශ්‍ය ප්‍රමාදයන්ට ලක්වෙනවා.


CAN YOU EXPRESS THESE IDEAS IN ENGLISH? (Set-7)

  1. මම වෙලාවට. 
  2. මම හරියටම වෙලාවට. 
  3. මම කල්වේලා ඇතිව. 
  4. මම යන්තම් වෙලාවට. 
  5. මම එනගමන්. 
  6. මම මග. 
  7. මම ගෙදර යන ගමන්. 
  8. මම වැඩට යන ගමන්. 
  9. මම පොළට යන ගමන්. 
  10. මම සමන්ලගෙ ගෙදරට යන ගමන්. 
  11. මම වැඩ ඇරිලා එනගමන්. 
  12. මට හදිස්සියි. 
  13. මට මාර හදිස්සියි. 
  14. මම කරදරේ. 
  15. මම කරදරේ. 
  16. මම මාර කරදරේ. 
  17. මම අවුලක ඉන්නේ. 
  18. මම මාර අවුලක ඉන්නේ. 
  19. මම අමාරු තත්වෙක ඉන්නේ. 
  20. මම අමාරු තත්වෙක ඉන්නේ. 
  21. මම ඔවුන් එක්ක ටච් එකේ ඉන්නේ. 
  22. මම ඇයත් එක්ක සම්බන්ධය තියාගෙන ඉන්නේ. 
  23. මම පෝලන්ත ජාතික කෙල්ලකට ආදරේ කරනවා. 
  24. මම මේ අංශය භාරව ඉන්නේ. 
  25. මම පාඩමක මැද ඉන්නේ. 
  26. මම නිවාඩු අරගෙන ඉන්නේ. 
  27. මම නිවාඩුවකට ගිහිල්ලා/ඇවිල්ලා ඉන්නේ. 
  28. මම අළුත් වැඩබිමේ සංචාරයක. 
  29. මම නිව් යෝක් වල ව්‍යාපාරික චාරිකාවක. 
  30. මම කෙටි විනෝද ගමනක් ඇවිල්ලා ඉන්නේ ගං ඉවුරේ. 
  31. මම වන්දනා ගමනක් ඇවිල්ලා ඉන්නේ යාපහුවේ. 
  32. මම ස්ථාන නරඹන්න ඇවිල්ලා ඉන්නේ නුවර. 
  33. මම ගවේශණාත්මක ගමනක් ඇවිල්ලා ඉන්නේ කැලයට. 
  34. මම ගවේෂණාත්මක ගමනක් ඇවිල්ලා ඉන්නේ කඳුකරයේ. 
  35. මම කඳුකර පාගමනක් ඇවිල්ලා ඉන්නේ. 
  36. මම පිටිසර පාගමනක් ඇවිල්ලා ඉන්නේ. 
  37. මම බෝට්ටු සවාරියක් ඇවිල්ලා ඉන්නේ. 
  38. මම ගොඩක් කාර්යබහුලයි. 
  39. මම වැඩ. 
  40. මට හති. 
  41. මම කැමැත්තක් දක්වනවා චිත්‍රපටි වලට. 
  42. මම ඔයාගේ පැත්තේ. 
  43. මම ඔයාගේ ලඟින්. 
  44. මම අවදානමක. 
  45. මම අනතුරක. 
  46. මම පීඩනයට ලක්ව ඉන්නේ. 
  47. මම අර්බුධයක. 
  48. මම වේදනාවෙන්. 
  49. මම යන්තම් බේරුනා. 
  50. මම විධායක තනතුරක ඉන්නේ. 
  51. මම හොඳ සෞඛ්‍යයෙන්. 
  52. මම ඔයාට උදවුකරන්න තත්වෙක ඉන්නේ. 
  53. මම හොඳ මූඩ් එකක ඉන්නේ. 
  54. මම ෂොපිං මූඩ් එකේ ඉන්නේ. 
  55. මම ඇඳේ. 
  56. මම මගේ අසුනේ. 
  57. මම ටීම් එකේ. 
  58. මම සම්බන්ධයක. 
  59. මම හිරේ. 
  60. මට රැකියාවක් තියෙනවා. 
  61. මට රැකියාවක් නෑ. 
  62. මම හදිසි තත්වයක ඉන්නේ. 
  63. මම පාටි එකක ඉන්නේ. 
  64. මම මගේ ටීන්ස් වල. 
  65. මම මගේ විසි ගණන් වල. 
  66. මම මගේ තිස් ගණන් වල මුල. 
  67. මම මගේ හතලිස් ගණන් වල මැද. 
  68. මම මගේ පනස් ගණන් වල අග. 
  69. මම වැඩ පටන් අරගෙන තියෙන්නේ. 
  70. මම අඬන්න ඔන්න මෙන්න. 
  71. මම මුදුනේ. 
  72. මම අව්වේ. 
  73. මම වතුරේ. 
  74. මම වැස්සේ. 
  75. මම ෂවර් එකෙන් නනා ඉන්නේ. 
  76. මම බාත් එකේ නනා ඉන්නේ.  
  77. මම අළුත් ප්‍රවණතා එක්ක ටච් එකේ ඉන්නේ. 
  78. මම අළුත් විෂය ගැන දැනුමක් නෑ. 
  79. මම අඬඅඬ ඉන්නේ. 
  80. මම ගොඩක් අඬඅඬ ඉන්නේ. 
  81. මම සාධාරණව වැඩකරන්නේ. 
  82. මම ආධුනික මට්ටමේ. 
  83. මම ඉන්නේ සාමයෙන් හා සමඟියෙන්. 
  84. මම හොඳ සූදානමින් ඉන්නේ. 
  85. මම තීරණයට විරුද්ධයි. 
  86. මම මහජන කවුන්සිලයට සම්පූර්ණයෙන්ම පක්ෂයි. 
  87. මට වෙඩි තියෙනවා. 
  88. මම පොලිස් අත්අඩංගුවේ ඉන්නේ. 
  89. මාව අත්අඩංඩුවට අරගෙන ඉන්නේ. 
  90. මාව පාලනය කරලා තියෙන්නේ. 
  91. මම වැරදි විශ්වාසයක ඉන්නේ. 
  92. මම උසස්වීමට එක පයින් (කැමතියි).
  93. මම ඔයාට වඩා ගොඩක් දක්ෂයි.
  94. මම මහන්සියට අමාරුවෙන් හුස්ම ගන්නේ. 
  95. මම ඔයාට හොඳ වැඩියි. 
  96. මම ඔයා තරම්ම හොඳ නෑ.
  97. මම අනිත් සේවකයින් මට්ටමේ නෑ.
  98. මම හැඟිලා ඉන්නේ.
  99. මම හුදෙකලාව ඉන්නේ. 
  100. මම හුදෙකලාව ඉන්නේ.


CAN YOU EXPRESS THESE IDEAS IN ENGLISH? (Set-8)

  1. මට ඉන්නවා සහෝදර සහෝදරියන් තුන් දෙනෙක්. 
  2. මම ඉන්නවා සහෝදරයෙක් සහ සහෝදරියන් නෑ. 
  3. මට තියෙනවා ටිකක් අමුතු සුරතල් නමක්. 
  4. මේ දොරේ යතුර මගෙ ලඟ. 
  5. ඒ ලියවිලි ටික මගේ ලඟ. 
  6. මට තියෙනවා ඇතිතරම් පළපුරුද්ද. 
  7. මට තියෙනවා අවශ්‍ය සුදුසුකම්. 
  8. මගෙ ලඟ තියෙනවා ඕනිතරම් කරුණු. 
  9. මට තියෙනවා ඕනිතරම් ඉඩ. 
  10. මට ඉන්නවා ඕනෑවට වඩා යාළුවන්. 
  11. මට තියෙනවා ඕනෑවට වඩා නිදහස. 
  12. මට තියෙනවා නුවණ ගොඩාක්. 
  13. මට ඉන්නවා යාළුවන් ගොඩාක්. 
  14. මට තියෙනවා ගොඩක් ප්‍රශ්න. 
  15. මට තියෙනවා ගොඩක් දැනුම. 
  16. මට ඉන්නවා තරමක් අනුගාමිකයින්. 
  17. මට තියෙනවා තරමක් ධනය. 
  18. මට තියෙනවා අදහස් ටිකක්. 
  19. මගෙ ගාව තියෙනවා සීනි ටිකක්. 
  20. මගෙ ලඟ තියෙන්නේ නවකථා චුට්ටයි. 
  21. මට තියෙන්නේ ගේ දොර වැඩ චුට්ටයි. 
  22. මට ඉන්නේ ලඟ යාළුවෝ චූට්ට දෙනයි. 
  23. මට සිහින ගොඩක් නෑ. 
  24. මට ගොඩක් ශක්තිය නෑ. 
  25. මට සතුරෝ ඇත්තේම නෑ. 
  26. මට වැඩකරල පලපුරුද්ද ඇත්තෙම නෑ. 
  27. මට අළුත් අදහස් ඇත්තෙම නෑ වගේ. 
  28. මට ධෛර්ය නෑම වගේ. 
  29. මට මොකක්හරි අවුලක් තියෙනවා මගේ උගුරේ. 
  30. මට තියෙනවා කැක්කුමක් මගේ දණහිසේ. 
  31. මට තියෙනවා යන්න සාදයක්. 
  32. මගෙ ලඟ තියෙනවා ඔයාට විශේෂ දෙයක්. 
  33. මට ඉන්නවා පිරිසිදුකරන්නෙක් මගේ ගේදොර වැඩවලට උදවුකරන්න. 
  34. මට තියෙනවා අවුරුදු 05 ක පළපුරුද්ද උපස්ථායකයෙක් ලෙස. 
  35. මට කිසි අදහසක් නෑ ඒ ගැන. 
  36. මට තියෙනවා අපහසුවක් දිග දුරවල් ප‍යින්යන්න.
  37. මට තියෙනවා මගේ ජීවිතය ජීවත්වෙන්න. 
  38. මට තියෙනවා වටකුරු මුහුණකුයි පොකුටු කොණ්ඩය කුයි. 
  39. මට තියෙනවා හොඳට හැඩවුනු ශරීරයකුයි තළෙළු සමකුයි. 
  40. මට තියෙන්නේ දිගටි මුහූණක් උල්වූ නිකටක් තියෙන.
  41. මට තියෙනවා තව එක පාඩමක් සම්පූර්ණ කරන්න. 
  42. මට තියෙනවා බඩේ කැක්කුමකුයි අජීර්ණයකුයි බඩ බුරුලට යාමකුයි.
  43. මට තියෙනවා ඇස් කැක්කුමක්. 
  44. මට තියෙනවා උගුරේ කැක්කුමක්. 
  45. මට තියෙනවා කොන්දේ කැක්කුමක්. 
  46. මට තියෙනවා කනේ කැක්කුමක්. 
  47. මට තියෙනවා රට යාමේ අදහසක්. 
  48. මට තියෙනවා රසායන විද්‍යා උපාධියක්. 
  49. මට තියෙනවා කාලය මගේ විනෝදාංශ වලට. 
  50. මට තියෙනවා කාලය අනිත් අයට උදවුකරන්න. 


තමන් ගැන හඳුන්වාදීමේ සාම්පලයක් - A Sample Self-introduction

මම සිනෙත් රුක්ෂාන්, ඒත් මට මගේ යාළුවෝ කථාකරන්නේ රුකා කියලා. මම එන්නේ කරවිට කියලා ප්‍රදේශයකින් රත්නපුර දිත්‍රික්කයේ තියෙන. මට දැන් අවුරුදු 23 ක් වයසයි. මම ඉපදුනේ 1999 ජූනි 15 වෙනිදා රත්නපුර මහ රෝහලේදී. මට ඉන්නවා 05 දෙනෙක් මගේ පවුලේ මා ඇතුලත්ව සහ මගේ සීයා ජීවත්වෙන්නේ මගේ පවුලේ අ‍යත් එක්ක. මට ඉන්නේ අක්කා කෙනෙක් සහ සහෝදරයින් නෑ. මම ඉගෙනගත්තේ නිවිතිගල සුමන මහා විද්‍යාලයේ සහ මම අත්හැරියා පාසල් යාම මගේ උසස් පෙළ කාලපරිච්ඡේදය අතරතුර. පසුව මම හැදෑරුවා වසර දෙකක වෑද්දුම් පාඨමාලාවක් රත්නපුර කාර්මික විද්‍යාලයේ. පාඨමාලාවෙන් පස්සෙ මම එකතුවුනා ඊස්ට් වෙස්ට් ඉංජිනීරිං සමාගමට පුහුණුවන වෑද්දුම් කරුවෙකු ලෙස. මම තාම එතන වැඩකරන්නේ. මම දැන් පුහුණු වෑද්දුම් කරුවෙක් සහ මට තියෙනවා අවුරුදු දෙකක පළපුරුද්ද. මම නිදහසේ ඉන්න වෙලාවට මම සිංදු අහනවා.  මම මගේ යාළුවොත් එක්ක එළියට යන්නත් කැමතියි. මට නෑ ගොඩක් යාළුවන් ඒත් මට ඉන්නවා විශේෂ යාළුවන් චුට්ට දෙනෙක්. මම ගතකරනවා මගේ කාලයෙන් වැඩිහරියක් තනියම මොකද මම සතුටුවෙනවා තනිව ඉඳීමෙන්.මම හිතන්නේ මම සැහැල්ලුවෙන් ඉන්න පුද්ගලයෙක් සහ මම සතුටුවෙනවා සරල දේවල් වලින් මගේ ජීවිතයේ. තවද, මම බටනලාව වාදනය කරනවා සහ මම ඒකට දක්ෂයි. මම සැලසුම් කරනවා පිටරට වැඩකරන්න වෑද්දුම්කරුවෙකු ලෙස. ඒ හින්දයි මට ඕනි මගේ ඉංග්‍රීසි දියුණුකරගන්න. ස්තුතියි.


ANSWER

I’m Sineth Rukshan, but my friends call me Ruka. I come from an area called Karavita in the Ratnapura district. I’m 23 years old now. I was born on 15th June 1999 at the General Hospital, Ratnapura. I have five people in my family including myself, and my grandfather lives with my family. I have an elder/older sister and no brothers. I studied at Sumana Maha Vidyalaya, and I gave up schooling (going to school) during my A/L period. Later, I followed a two-year course in welding at the Technical College, Ratnapura. After the course I joined East West Engineering Company as a trainee welder. I still work there. Now, I’m a trained welder and I have two years of experience. When I’m free, I listen to music. I also like to go out with my friends. I don’t have a lot of friends but I have very few special friends. I spend most of time alone because I enjoy being alone. I’m a relaxed person and I enjoy simple things in my life. What’s more, I play the flute and I’m good at it. I plan to work abroad as a welder. That’s why I want to improve my English. Thank you.

SPECIAL NOTE - 01

Base Verb - Singular Verb

  1. help - helps (උදවුකරනවා)
  2. work - works (වැඩකරනවා)
  3. clean - cleans (පිරිසිදු කරනවා)
  4. like - likes (කැමතියි)
  5. live - lives (ජීවත්වෙනවා)
  6. make - makes (හදනවා)
  7. wash - washes (සෝදනවා)
  8. teach - teaches (උගන්වනවා)
  9. pass - passes (පාස්කරනවා)
  10. fix - fixes (හයිකරනවා)
  11. go - goes (යනවා)
  12. try - tries (උත්සහාකරනවා)
  13. study - studies (අධ්‍යයනය කරනවා)
  14. play - plays (සෙල්ලම්/වාදනය කරනවා)
  15. employ - employs (රැකියාවේ යොදවනවා)
  16. do - does (කරනවා)
  17. have - has (..ට/ලඟ ඉන්නවා/තියෙනවා - කනවා/බොනවා)

ACTIVE VOICE PRESENT SIMPLE
PLURAL SUBJECT + BASE VERB 




CAN YOU EXPRESS THESE IDEAS IN ENGLISH? (Set-9)
  1. මම උගන්වන්නේ ඉංග්‍රීසි. 
  2. අපි වැඩ පටන්ගන්නේ උදේ 9.00 ට. 
  3. ඔයාට අවශ්‍යයි විවේකයක්. 
  4. ඔයාලා කනවා සීනි තියෙන දේවල් ඕනෑවට වඩා. 
  5. ඔයාලා දෙන්නා ගොඩක් හොඳට සෙල්ලම්කරනවා. 
  6. ඔයාලා දෙන්නම පදවන්නේ නොසැලකිල්ලෙන්. 
  7. ඔයාලා ඔක්කොම සතුටින් ජීවත්වෙනවා. 
  8. ඔයාලා හැමවෙලේම  කාලය නාස්තිකරනවා. 
  9. ඔවුන් වැඩට එනවා නියමිත වෙලාවට. 
  10. උන් ආපසු එනවා උන්ගේ කැදැල්ලට ගොම්මන් වෙලාවෙදි. 
  11. ඒවා ජීවිතය ලේසි කරනවා මිනිස්සුන්ට. 
  12. මගේ යාළුවෝ හිතනවා මට පිස්සු කියලා. 
  13. පෙරේරලා කරන්නේ කුකුල් ගොවිපලක්. 
  14. අපේ ගුරුවරුන්ගෙන් දෙන්නෙක් දිරිමත්කරනවා සිසුන්ව ඉංග්‍රීසි කථාකරන්න. 
  15. මගේ අසල්වැසියන්ගෙන් ටික දෙනෙක් පාටි දානවා සෑම සතිඅන්තයකදීම. 
  16. සමනුයි එයාගේ අයියයි එනවා අපිත් එක්ක සෙල්ලම් කරන්න හැමදාම පස්වරුවේ. 
  17. මගේ අක්කට හරි මගේ දෙමාපියන්ට හරි ඕනි මම මේ පාඨමාලාව හදාරන්න. 
  18. කී දෙනෙක් එකඟද මගේ අදහසට? 
  19. පවුල් කීයක් ජීවත්වෙනවද මේ ගමේ? 
  20. ඔයාලගෙන් කී දෙනෙක් නිතිපතා ජිම් එකට යනවද? 
  21. මේ ගොවීන්ගෙන් කීදෙනෙක් භාවිතාකරනවද කාබනික ගොවිතැන? 
  22. අපි නිරන්තර‍යෙන් වාදකරනවා මහජන කවුන්සිල සංකල්පය ගැන.
  23. ගොඩක් මිනිස්සු හැමවෙලේම කල්පනාකරන්නේ සාරථකත්වය ගැනයි ඉහලට යන එක ගැනයි. 
  24. මගේ යාළුවන් පුරුදුපරිදි එලියට ගිහිල්ලා ඩ්රිංක් එකක් දානවා සිකුරාදා රෑට. 
  25. මේ මිනිස්සු නිතර වැඩකරනවා පැය 5 ක් 6 ක් විවේකයක් නැතිව.
  26. ලයිට් නිතර යනවා මේ ප්‍රදේශයේ. 
  27. මගේ යළුවන්ගෙන් ටික දෙනෙක් නිතිපතා ජිම් එකට යනවා.
  28. සමහර මිනිස්සු සමහර අවස්ථාවල කඩනවා රථවාහන නීති.
  29. සාමාන්‍ය මිනිස්සු කලාතුරකින් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගීසිටින්නේ. 
  30. පොලීසිය කවදාවත් සමාජ අසාධාරණයත් එක්ක කටයුතු කරන්නේ නෑ. 
  31. බුරන බල්ලෝ කවදාවත්ම වගේ හපාකන්නේ නෑ.
  32. මම හැමවෙලේම වගේ උත්සහාකරනවා හරි දේ කරන්න. 
  33. අපි රෙදි සෝදන්නේ සතියකට සැරයයි. 
  34. ඔවූන් රෙදි මදින්නේ දවසක් හැර දවසක්. 
  35. එයාලා පිඟන් කෝප්ප සෝදනවා සෑම රෑ කෑමකින්ම පස්සේ. 
  36. මගේ දෙමාපියන් බඩු ගේන්නේ සිකුරාදට. 
  37. මම ටිකක් සයිකල් පදිනවා සතිඅන්තයේදී. 
  38. මම ගෙවතු වගාව ටිකක් කරනවා මගේ විවේක වෙලාව අතරතුර. 
  39. මම සැහැල්ලු ව්‍යායාම ටිකක් කරනවා ගෙදරදී හැමදාම වගේ.
  40. මම මූන අත පය සෝදාගන්නවා මගේ වැඩකරන තැනදී.
  41. මම ෂවර් එකක් දාගන්නවා ගිම්හාන සෘතුවේදී. 
  42. මම බාත් එකක් දාගන්නවා ශීත සෘතුවේදී. 
  43. මම රැවුල කපාගන්නවා දවස් තුනකට සැරයක්. 
  44. මම උදේට කනවා ගෙදරින් පිටත්වෙන්න කලින්. 
  45. මම පොඩි මොනවහරි කනවා පස්වරුවේ. 
  46. මම මගේ සහෝදරිය එක්ක රණ්ඩුකරනවා හැමදාම. 
  47. මම තමයි වැඩිහරියක් කෑගහන්නේ. 
  48. මම මගේ තාත්තා එක්ක වචනයක් කථාකරනවා උදේකෑම ගන්න අතරතුරේ. 
  49. මම මගේ ලොක්කා එක්ක නිවාඩු පාඩුවේ චැට් එකක් දානවා බ්‍රහස්පතින්දට.
  50. මම වේලාසනින් නින්දට යනවා ඉරිදාට.

ACTIVE VOICE PRESENT SIMPLE
SINGULAR SUBJECT + SINGULAR VERB



CAN YOU EXPRESS THESE IDEAS IN ENGLISH? (Set-10)
  1. ඔහු මුද්දක් දානවා. 
  2. ඇය උපයනවා සතියකට රුපියල් 20000/= ක්. 
  3. ඒක උදවුකරනවා මිනීස්සුන්ට ගොඩක් විධි වලට. 
  4. ඌ හපාකනවා මිනිස්සුන්ව. 
  5. සමන් හැමවෙලේම බොරු කියනවා. 
  6. මගේ සහෝදරිය භාෂා දෙකක් කථාකරනවා. 
  7. කළමණාකරු දවල්ට කන්නේ පරක්කු වෙලා. 
  8. අම්මා රෙදි සෝදනවා හැමදාම. 
  9. යම්දෙයක් සිදුවෙනවා හැමදාම රෑට. 
  10. කිසිවක් ඔවුන්ව නවත්වන්නේ නෑ. 
  11. හැමෝටම ඕනි මේ පාඨමාලාවට එකතුවෙන්න. 
  12. මගේ යාළුවන්ගෙන් එක්කෙනෙක් ඉගෙනගන්නේ පිටරට. 
  13. ඔවුන්ගෙන් එක්කෙනෙක් වැඩකරන්නේ එංගලන්තයේ. 
  14. අපේ ගුරුවරුන්ගෙන් කවුරුවත් කණ්නාඩි දාන්නේ නෑ. 
  15. ඔවුන්ගෙන් කවුරුවත් හරක්මස් කන්නේ නෑ. 
  16. මීකිරියි කිතුල් පැණියි මාර රසයි. 
  17. ගුරුවරුන් ටික හරි විදුහල්පති හරි අනුමත කරනවා මේ ක්‍රියාව. 
  18. කවුද ඔයාට දෙන්නේ ලිෆ්ට් එකක් වැඩට? 
  19. මොකක්ද ඔයාට උදවු කරන්නේ ඔයාගේ ජොබ් එක හොඳට කරන්න?
  20. පොත් කියවීම පුළුල්කරනවා මගේ අවබෝධය. 
  21. ඉර පායන්නේ නැගෙනහිරින්. 
  22. වතුර නටනවා සෙල්සියස් අංශක 100 දී.  
  23. ගාල්ලට යන අන්තිම කෝච්චිය පිටත්වෙන්නේ සවස 8.30 ට. 
  24. ඊලඟ බස් එක එන්නේ 5.45 ට. 
  25. මේ පාර යන්නේ මගේ ගමේ පන්සලට. 
  26. මේ පාඨමාලාව ප්‍රධාන අදියර 03 කින් සමන්විතයි. 
  27. මගේ තාත්තා මේ වැටුප ලබන්න වටිනවා. 
  28. මේ වැඩසටහනේ අඩංගුවෙනවා ගොඩක් සමාජ ක්‍රියාකාරකම්. 
  29. දුම්බීම හේතුවෙනවා පිළිකා වලට. 
  30. පළවෙනි අදියර ගොඩක් වැදගත්. 
  31. මගේ නිදහස මට ගොඩක් වැදගත්. 
  32. ඇය පදිංචිව ඉන්නේ කහවත්ත විද්‍යාල මාවතේ අංක 38 දරණ ස්ථානයේ. 
  33. ඇය පෙනුමින් සමානයි ඇයගේ අම්මට. 
  34. ඔහු පේන විධියට අහිංසකයි. 
  35. ඔහු පේන විධියට සොල්දාදුවෙක් වගේ. 
  36. මගේ සීයා දෙවියන් අදහනවා. 
  37. මගේ කණ්ඩායම සමන්විත වෙනවා අලුත් ක්‍රීඩකයින්ගෙන්. 
  38. මේ ලීපියේ අඩංගුයි වැදගත් කරුණු ගොඩක් මේ අර්බුධය ගැන. 
  39. මේ සිරප් එක තිත්ත රසයි. 
  40. මේ සිරප් එක කිරි රසයි. 
  41. ඇයට තේරෙනවා මගේ ඇත්ත තත්වය. 
  42. ඇයට කේන්ති යනවා ගොඩක් නිතර. 
  43. මගේ බෑග් එක කිලෝ 20 ක් බරයි. 
  44. මේ උත්සවය පවතිනවා දවස් 5 ක්. 
  45. අවසන් අදියර රුපියල් ලක්ෂ 15 ක් මිල වෙනවා. 
  46. මැයි මාසේ වහිනවා. 
  47. දෙසැම්බර් මාසේ හිම වැටෙනවා. 
  48. තේ වැවෙනවා ඝර්ම කලාපීය රටවල. 
  49. මට යනවා පැ‍යක් විතර වැඩට යන්න. 
  50. මට යනවා රුපියල් 12 000 ක් එකක් හදන්න. 

  • දහතුන් වන පියවර - පහත වචන යුගල් 10 අධ්‍යයනයකර මතකතබා ගන්න.
  • The Thirteenth Step - Study and memorize the following 10 pairs of words.


  1. කාරුණික - kind - කඉන්ඩ්
  2. කාරුණිකව - kindly - කඉන්ඩ්ලි
  3. නිහඬ - silent - සඉල'න්ට්
  4. නිහඬව - silently - සඉල'න්ට්ලි
  5. පැහැදිලි - clear - ක්ලිඅ'
  6. පැහැදිලිව - clearly - ක්ලිඅ'ලි
  7. ප්‍රීතිමත් - happy - හැපි
  8. ප්‍රීතියෙන් - happily - හැපිලි
  9. සැලකිලිමත් - careful - කෙඅ'ෆ්ල්
  10. සැලකිල්ලෙන් - carefully - කෙඅ'ෆ්ලි
  11. ලේසි - easy - ඊසි
  12. ලේසියෙන් - easily - ඊසිලි
  13. ලස්සන - beautiful - බ්යූටිෆ්ල්
  14. ලස්සනට - beautifully - බ්යූටිෆ්ලි
  15. ක්‍රියාශීලී - active - ඇක්ටිව්
  16. ක්‍රියාශීලීව - actively - ඇක්ටිව්ලි
  17. ස්වභාවික - natural - නැච්ර'ල්
  18. ස්වභාවිකව - naturally - නැච්ර'ලි
  19. ඉක්මන් - quick - ක්වික්
  20. ඉක්මනින් - quickly - ක්වික්ලි

  • දාහතරවන පියවර - පහත ප්‍රකාශන 10 මතක තබාගන්න.
  • The Fourteenth Step - Memorize the following 10 expressions.
  1. ලස්සන පිංතූරයක් - a beautiful picture - අ'බ්යූටිෆ්ල් පික්ච'
  2. අලුත් ගුරුවරයා - the new teacher - ද'න්යූ ටීච'
  3. හොඳ දේවල් - good things - ගුඩ් තිංස්
  4. අමාරු ප්‍රශ්න ටික - the difficult questions - ද' ඩිෆික'ල්ට් ක්වෙස්ච'න්ස්
  5. ඝෝෂාකාරී කොල්ලෝ ටික දෙනෙක් - some noisy boys - සම් නොඉසි බොඉස්
  6. දුප්පත් ගොවීන් ගොඩක් - a lot of poor farmers - අ'ලොට'ව් පෝ ෆාම'ස්
  7. මේ බර බෑග් එක - this heavy bag - දිස් හෙවි බැග්
  8. මේ හිස් බෝතල් ටික - these empty bottles - දීස් එම්ප්ටි බොට්ල්ස්
  9. අර ලොකු ගේ - that big house - දැට් බිග් හඋස්
  10. අර කුඩා සත්තු ටික - those little animals - ද'උස් ලිට්ල් ඇනිම'ල්ස්

  • පහලොස්වන පියවර - පහත ප්‍රකාශන 10 මතකතබා ගන්න.
  • The Fifteenth Step - Memorize the following 10 expressions.
  1. කාරුණිකව උදවුකරන්න. - Help kindly. - හෙල්ප් කඉන්ඩ්ලි
  2. ලස්සනට නටන්න. - Dance beautifully. - ඩාන්ස් බ්යූටිෆ්ලි
  3. සැලකිල්ලෙන් පදවන්න. - Drive carefully. - ඩ්‍රඉව් කෙඅ'ෆ්ලි
  4. සතුටින් ජීවත්වෙන්න. - Live happily. - ලිව් හැපිලි
  5. ක්‍රියාශීලීව වැඩකරන්න. - Work actively. - ව''ක් ඇක්ටිව්ලි
  6. නිහඬව ඇතුල්වෙන්න. - Enter silently. - එන්ට' සඉල'න්ට්ලි
  7. ලේසියෙන් දිනන්න. - Win easily. - වින් ඊසිලි
  8. අන්ධව ආදරය කරන්න. - Love blindly. - ලව් බ්ලඉන්ඩ්ලි
  9. ඉක්මනින් තීරණය කරන්න. - Decide quickly. - ඩිසඉඩ් ක්වික්ලි
  10. ඉවසිල්ලෙන් ඇහුන්කන් දෙන්න. - Listen patiently. - ලිස්න් පෙඉෂ'න්ට්ලි

  • දහසය වන පියවර - පහත ප්‍රකාශන 30 මතකතබා ගන්න.
  • The Sixteenth Step - Memorize the following 30 expressions.

  1. අවදි වෙන්න. - Wake up. - වෙඉකප්
  2. තාත්තව අවදිකරවන්න. - Wake up father. - වෙඉකප් ෆාද'
  3. මාව අවදිකරවන්න. - Wake me up. - වෙඉක්මී අප්
  4. ඇඳේ වැතිර ඉන්න. - Lie in bed. - ලඉ ඉන් බෙඩ්
  5. ඔයාගේ ෆෝන් එක හොයන්න. - Look for your phone. - ලුක් ෆ' ය' ෆ'උන්
  6. ඔයාගේ මැසේජ් ටික චෙක්කරන්න. - Check your messages. - චෙක් ය' මෙසිජ'ස්
  7. ඔයාගේ දවස සැලසුම් කරන්න. - Plan your day. - පලැන් ය' ඩෙඉ
  8. ඔයාගේ දවස ගැන කල්පනාකරන්න. - Think about your day. - තිංක'බඋට් ය' ඩෙඉ
  9. ඇඳෙන් බහින්න. - Get out of bed. - ගෙටඋට'ව් බෙඩ්
  10. ඇඳගන්න. - Get dressed. - ගෙට් ඩ්‍රෙස්ට්
  11. ඇඳ හදන්න. - Make the bed. - මෙඉක් ද' බෙඩ්
  12. කුස්සියට යන්න. - Go to the kitchen. - ග'උ ට'ද' කිච'න්
  13. වතුර ටිකක් බොන්න. - Drink some water. - ඩ්රිංක් ස'ම් වෝට'
  14. ඔයාගේ කාමරයට ආපසු එන්න. - Get back to your room. - ගෙට් බැක් ට' ය' රූම්
  15. කියවීම ටිකක් කරන්න. - Do some reading.  - ඩූ ස'ම් රීඩිං
  16. මුහුණ අතපය සෝදාගන්න. - Have a wash. - හ'ව' වොෂ්
  17. ෂව එකක් දාගන්න. - Have a shower. - හ'ව' ෂව'
  18. රෙදි මදින්න. - Do the ironing. - ඩූ දී අඉඅ'නිං
  19. ඔයාගේ නිලඇඳුම මදින්න. - Iron your uniform. - අඉඅ'න් ය' යුනිෆෝම්
  20. ටීවී බලන්න. - Watch TV. - වොච් ටීවී
  21. ටීවී එකේ මොනවහරි බලන්න. - Watch something on TV. - වොච් සම්තිං ඔන් ටීවී
  22. රේඩියෝ එක අහන්න. - Listen to the radio. - ලිස්න් ට'ද' රෙඉඩිඅ'උ
  23. රේඩියෝ එකේ ප්‍රවෘත්ති අහන්න. - Listen to the news on the radio. - ලිස්න් ට'ද' න්යූස් ඔන් ද'රෙඉඩිඅ'උ
  24. ඔයාගේ ඇඳුම් ඇඳගන්න. - Put on your clothes. - පුටොන් ය' ක්ල'උද්ස්
  25. ඔයාගේ පිජාමා එක ගලවන්න. - Take off your pyjamas. - ටෙඉක'ව් ය' පිජාම'ස්
  26. උදේට කන්න. - Have breakfast. - හ'ව් බ්‍රෙක්ෆ'ස්ට්
  27. ගෙදරින් පිටත්වෙන්න. - Leave home. - ලීව් හ'උම්
  28. වැඩට පිටත්වෙන්න. - Leave for work. - ලීව් ෆ' ව''ක්
  29. ඔයාගේ යාළුවට ෆෝන් කරන්න. - Phone your friend. - ෆ'උන් ය' ෆ්‍රෙන්ඩ්
  30. ඔයාගේ යාළුවා එනකං ඉන්න. - Wait for your friend. - වෙඉට් ෆ' ය' ෆ්‍රෙන්ඩ්

  • දාහත්වන වන පියවර - පහත ප්‍රකාශන 55 මතකතබා ගන්න.
  • The Seventeenth Step - Memorize the following 55 expressions.
  1. මුලින්ම - first - ෆ''ස්ට්
  2. දෙවනුව - second - සෙක'න්ඩ්
  3. තුන්වනුව - thirdly - ත''ඩ්ලි
  4. ඊලඟට - next - නෙක්ස්ට්
  5. ඊලඟට - then - දෙන්
  6. ඊට පස්සේ - after that - ආෆ්ට'දැට්
  7. ඊර පස්සේ - thereafter - දෙඅ'රාෆ්ට'
  8. පසුව - later - ලෙඉට'
  9. පසුව - afterwards - ආෆ්ට'ව'ඩ්ස්
  10. අන්තිමේදී - finally - ෆඉන'ලි
  11. අන්තිමේදී - in the end - ඉන් දී එන්ඩ්
  12. අන්තිමේදී - at last - ඇට් ලාස්ට්
  13. පුරුදුපරිදි - usually - යූෂුඅ'ලි
  14. හැමවෙලේම - always - ඕල්වෙඉස්
  15. නිතර - often - ඔෆ්ට'න්
  16. සමහර අවස්ථාවල - sometimes - සම්ටඉම්ස්
  17. ඉඳලාහිටලා - occasionally - අ'කෙඉෂ'න'ලි
  18. කලාතූරකින් - rarely - රෙඅ'ලි
  19. කවදාවත් නෑ - never - නෙව'
  20. උදේ - in the morning - ඉන්ද'මෝනිං
  21. පස්වරුවේ - in the afternoon - ඉන් දී ආෆ්ට'නූන්
  22. සවස - in the evening - ඉන් දී ඊව්නිං
  23. 4.30 ට - at 4.30 - ඇට් ෆෝ ත''ටි
  24. 4.30 ට විතර - about 4.30 - අබඋට් ෆෝ ත''ටි
  25. විනාඩි 20 ක් තිස්සේ - for 20 minutes - ෆ' ට්වෙන්ටි මිනිට්ස්
  26. බාත්රූම් එකට යන්න කලින් - before going to the bathroom - බිෆෝ ගොයිං ට'ද' බාත්රූම්
  27. වොෂ් එකක් දාගත්තට පස්සේ - after having a wash - ආෆ්ට' හ'වින' වොෂ්
  28. ටීවී බලන අතරතුරේ - while watching TV - වඉල් වොචිං ටීවී
  29. මම අවදිවෙන කොට - when I wake up - වෙනඉ වෙඉකප්
  30. මම උදේට කන වෙලාව වෙනකොට - by the time I have breakfast - බඉද'ටඉම් අඉ හ'ව් බ්‍රෙක්ෆ''ස්ට්
  31. මම ඇඳෙන් බැස්ස ගමන්ම - as soon as I get out of bed - ඇසූනැස් අඉ ගෙටඋට'ව් බෙඩ්
  32. මම ගෙදරින් පිටත් වුනාට පස්සේ - after I leave home - ආෆ්ට'රඉ ලීව් හ'උම්
  33. මම ඇඳගන්න කලින් - before I get dressed - බිෆෝරඉ ගෙට් ඩ්‍රෙස්ට්
  34. මම ඇදෙන් බහිනකං - until I get out of bed - අන්ටිලඉ  ගෙටඋට'ව් බෙඩ්
  35. මම මගේ යාළුවට ෆෝන් කරන්න විනාඩි 10 කට කලින් - 10 minutes before I phone my friend - ටෙන් මිනිට්ස් බිෆෝරඉ ෆ'උන් මඉ ෆ්‍රෙන්ඩ්
  36. හිමිදිරියේ - at dawn - අ'ට් ඩෝන්
  37. මධ්‍යාහ්නයේ - at noon - අ'ට් නූන්
  38. මධ්‍යහ්නයේ - at midday - අ'ට් මිඩ්ඩෙයි
  39. ගොම්මන් වෙලාවේ - at dusk - අ'ට් ඩස්ක්
  40. රෑට - at night - අ'ට් නඉට්
  41. මධ්‍යම රාත්‍රියේ - at midnight - අ'ට් මිඩ්නඉට්
  42. දහවල් කාලයේ - during the day - ඩ්යූරිං ද'ඩෙඉ
  43. සතියේ දිනවල - in the week - ඉන් ද' වීක්
  44. සතියේ දිනවල - during the week - ඩ්යූරිං ද' වීක්
  45. සති අන්තයේදී - at the weekend - අ'ට් ද' වීකෙන්ඩ්
  46. සති අන්තවලදී - at weekends - අ'ට් වීකෙන්ඩ්ස්
  47. සඳුදා - on Monday - ඔන් මන්ඩෙඉ
  48. සඳුදා උදේ - on Monday morning - ඔන් මන්ඩෙඉ මෝනිං
  49. සඳුදා දවස්වල - on Mondays - ඔන් මන්ඩෙඉස්
  50. හැම සඳුදාම - every Monday - එව්රි මන්ඩෙඉ
  51. හැමදාම - every day - එව්රි ඩෙඉ
  52. දවසකට සැරයක් - once a day - වන්ස' ඩෙඉ
  53. දවසක් හැර දවසක් - every other day - එව්රි අද'ඩෙඉ
  54. දවස් 03 කට සැරයක් - every three days - එව්රි ත්රී ඩෙඉස්
  55. ඉතා කලාතුරකින් - once in a blue moon - වන්සින' බ්ලූ මූන්

ඔයා දවස පටන්ගන්න හැටි කියන විස්තරයක සාම්පලයක්
A Sample Description of How You Start Your Day

මම සාමාන්‍යයෙන් අවදිවෙනවා උදේ 4.30 ට විතර, නැත්නම් මගේ අම්මා මාව අවදිකරවනවා. අවදිවුනාට පස්සේ මම ඇඳේ වැතිර ඉන්නවා ටිකක් වෙලා මගේ දවස සැලසුම් කරකර. ඒ අතරේ මම මගේ ෆෝන් එක හොයාගෙන් මගේ මැසේජ් චෙක්කරනවා. මම ඇඳෙන් බැස්ස ගමන්ම මම යනවා කුස්සියට වතුර ටිකක් බොන්න. ඊලඟට මම ආපසු මගේ කාමරයට ඇවිල්ලා කියවීම ටිකක් කරනවා. ඊට පස්සේ මම මගේ රෙදි මදින්න පටන්ගන්නවා. ඒකට මට යන්නේ විනාඩි 10 ක් විතරයි. පසුව මම බාත්රූම් එකට ගිහිල්ලා, අත පය සෝදාගෙන, ඇඳගන්නවා. මම හැමවෙලේම උදේ කෑම ගන්නවා ගෙදරින් පිටත්වෙන්න කලින්. මම මගේ උදේ කෑම ඉවරකලහම මම ගෙදරින් පිටත්වෙනවා 6.30 ට විතර. මම පයින් යනවා බස් නැවතුමට. මම අමතක කරන්නේ නෑ මගේ යාළුවට ෆෝන් කරන්න මම ගෙදරින් පිටත්වෙන්න විනාඩි 10 කට විතර කලින්. මෙහෙම තමයි මම පටන්ගන්නේ මගේ ජීවිතයේ සාමන්‍ය දවසක්.

  • දහඅටවන පියවර - පහත වචන 10 මතකතබා ගන්න.
  • The Eighteenth Step - Memorize the following 10 words.

  1. කුඩය - umbrella - අම්බ්‍රෙල'
  2. අනතුර - accident - ඇක්සිඩ'න්ට්
  3. විභාගය - exam - ඉග්සැම්
  4. රාජාලියා - eagle - ඊග්ල්
  5. අභ්‍යාසය - exercise - එක්ස'සඉස්
  6. ඉංජිනේරුවා - engineer - එන්ජිනිඅ'
  7. මෙහෙයුම - operation - ඔප'රෙඉෂ්න්
  8. පැය - hour - අඋඅ'
  9. සංගමය - union - යූනිඅ'න්
  10. විශ්වවිද්‍යාලය - university - යුනිව''සිටි

  • දහනවවන පියවර -  පහත වාක්‍ය 40 මතකතබා ගන්න.
  • The Nineteenth Step - Memorize the following 40 sentences.

  1. මේක වාහනයක්. - This is a vehicle. - දිසීස' වීඉක්ල්
  2. මේක මගේ අදහස. - This is my idea. - දිසීස් මඉ අඉ ඩිඅ'
  3. මේක තමයි කඩේ. - This is the shop. - දිසීස් ද' ෂොප්
  4. මේවා නවකථා. - These are novels. - දීස' නොව'ල්ස්
  5. මේවා මගේ ඇඳුම්. - These are my clothes. - දීස' මඉ ක්ල'උද්ස්
  6. මේ තමයි ෆඉල් ටික. - These are the files. - දීස' ද' ෆ ඉල්ස්
  7. අරක කර්මාණ්තශාලාවක්. - That's a factory. - දැට්ස' ෆැක්ට'රි 
  8. අර මගේ ඥාති සහෝදරයා. - That's my cousin. - දැට්ස් මඉ කස්න්
  9. අරක තමයි පාර. - That's the road. - දැට්ස් ද'ර'උඩ්
  10. අරවා කෘතීම මල්. - Those are artificial flowers. - ද'උස' ආටිෆිෂ්ල් ෆ්ලඋඅ'ස්
  11. අරවා තමයි හේතු ටික. - Those are the reasons. - ද'උස'ද රීස'න්ස්
  12. අරවා මගේ නිර්මාණ. - Those are my designs. - ද'උස' මඉ ඩිසඉන්ස්
  13. මෙන්න මගේ වාර්ථාව. - Here's my report. - හිඅ'ස් මඉ රිපෝට්
  14. මෙන්න යතුර. - Here's the key. - හිඅ'ස් ද'කී
  15. මෙන්න හැමදෙයක්ම. - Here's everything. - හිඅ'ස් එව්රිතිං
  16. මෙන්න මගේ යෝජනා ටික. - Here are my proposals. -  හිඅ'රා මඉ ප්‍ර'ප'උස'ල්ස්
  17. මෙන්න ඒ බෝතල් ටික. - Here are those bottles. - හිඅ'රා ද'උස් බොට්ල්ස්
  18. මෙන්න කරුණු ටික. - Here are facts. - හිඅ'රාද' ෆැක්ට්ස්
  19. බැංකුවක් තියෙනවා මේ ලඟ. - There's a bank near here. - දෙඅ'ස' බැංක් නිඅ' හිඅ'
  20. කවුරුහරි ඉන්නවා අපි දිහා බලාගෙන. - There's someone looking at us. - දෙඅ'ස් සම්වන් ලුකිං අ'ට'ස්
  21. මොකක්හරි අවුලක් තියෙනවා ලඉන් එකේ. - There's something wrong with the line. - දෙඅ'ස් සම්තිං රොං විද' ලඉන්
  22. මිනිස්සු ඉන්නවා අපට උදවුකරන්න. - There are people to help us. - දෙඅ'ර' පීප්ල් ට' හෙල්ප'ස්
  23. ගොඩක් තැන් තියෙනවා බලන්න යන්න. - There are a lot of people to visit. - දෙඅ'ර' ලොට'ව් ප්ලෙඉසිස් ට' විසිට්
  24. මේකට හේතු දෙකක් තියෙනවා. - There are two reasons for this - දෙඅ'ර' ටූ රීස'න්ස් ෆ' දිස්
  25. මොකක්ද ඔයාගේ නම? - What's your name? - වොට්ස් ය' නෙඉම්
  26. කොහොමද මේ ෆිල්ම් එක? - How's this film? - හඋස් දිස් ෆිල්ම්
  27. කෝ ගුරුවරයා? - Where's the teacher? - වෙඅ'ස් ද' ටීච'
  28. මොනවද ඔයාගේ විනෝදාංශ? - What're your hobbies? - වොට' ය' හොබීස්
  29. මේවා කීයද? - How much are these? - හඋ මච' දීස්
  30. කෝ ඔයාගේ යාළුවෝ ටික? - Where're your friends? - වෙඅ'ර' ය' ෆ්‍රෙන්ඩ්ස්
  31. සීතලයි. - It's cold. - ඉට්ස් ක'උල්ඩ්
  32. ලේසියි මේක කරන එක. - It's easy to do this. - ඉට්සීසි ට' ඩූ දිස්
  33. ඔයාට හොඳයි මේක කියවන එක. - It's good for you to read this. - ඉට්ස් ගුඩ් ෆ'ය'ට' රීඩ් දිස්
  34. මට පේනවා. - I see. - අඉ සී / I can see. - අඉ ක'න් සී
  35. මට ඇහෙනවා. - I hear. - අඉ හිඅ' / I can hear. - අඉ ක'න් හිඅ'
  36. මට දැනෙනවා. - I feel. - අඉ ෆීල් / I can feel. - අඉ ක'න් ෆීල්
  37. මට තේරෙනවා. - I understand. - අඉ අන්ඩ'ස්ටැන්ඩ් / I can understand. - අඉ ක'න් අන්ඩ'ස්ටැන්ඩ්
  38. මට මතකයි.  - I remember. - අඉ රිමෙම්බ' / I can remember. - අඉ ක'න් රිමෙම්බ' 
  39. මට යනවා රුපියල් 10 ක් එකක් හදන්න. - It costs me 10 rupees to make one. - ඉට් කොස්ට්ස් මී ටෙන් රුපීස් ට' මෙඉක් වන්
  40. මට යනවා විනාඩි 10 ක් එකක් හදන්න. - It takes me 10 minutes to make one. - ඉට් ටෙඉක්ස් මී 10 මිනිට්ස් ට' මෙඉක් වන්

Wh-ප්‍රශ්න වචන හා ප්‍රකාශන - Wh-question words and phrases
  1. මොකක්ද/මොනවද - what
  2. කවුද/කවුරුන්ද/කාටද/කාවද - who
  3. කොහෙද/කොහාටද - where
  4. කවද්ද/කොයි වෙලාවටද - when
  5. ඇයි - why
  6. කොහොමද - how
  7. කොයි/කොයිකද - which
  8. කාගෙ/කාගෙද - whose
  9. මොන පාටද - what colour
  10. මොන පාට කමිසයක්ද - what colour shirt
  11. මොන හැඩයද - what size
  12. මොන සයිස් එකේ මුද්දක්ද - what size ring
  13. කීයටද - what time
  14. කොච්චර පැහැදිලිද - how clear
  15. කොච්චර පැහැදිලිවද - how clearly
  16. කොච්චර නිතර නිතරද - how often
  17. කොච්චර කාලයක්ද - how long
  18. මිල කීයද - how much
  19. පොත් කීයක්ද - how many books
  20. කී පාරක්ද - how many times
  21. සල්ලි කොච්චරක්ද - how much money
  22. ඉඩ කොච්චරක්ද - how much space
  23. කාගෙ කුඩයද - whose umbrella
  24. කාගෙ අදහස්ද - whose ideas
  25. කොයි කාමරයද - which room
  26. කොයි පාඩම්ද - which lessons
  27. මොන මගුලක්ද - what the hell / what on earth
  28. මොන ජාතියේ මැෂිමක්ද - what kind of machine / what sort of machine / what type of machine
  29. මොකටද - for what / what for
  30. කාටද - for whom / who for
  31. මොකක් වගේද - like what / what like
  32. කාත් එක්කද - with whom / who with
  33. කා ගැනද - about whom / who about
  34. කොහෙන්ද - from where / where from
  35. කාගේ කාමරයේද - in whose room
  36. මොන දිශාවටද - in which direction
  37. මොන හේතුවකටද - for what reason

CAN YOU EXPRESS THESE IDEAS IN ENGLISH? (Set-11)
  1. සීතලයි ඇතුලේ. 
  2. රස්නෙයි එළියේ. 
  3. හිරු එළිය සහිතයි අද. 
  4. ලස්සන දවසක් අද. 
  5. හොඳයි ගමක ජීවත්වෙන එක. 
  6. වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්න එක. 
  7. වේලාසනින් පිටත්වෙන එක තමයි හොඳම. 
  8. මගේ වැඩේ ගණුදෙනුකරුවන්ට සේවයකරන එක. 
  9. මගේ සිහිනය රට යන එක. 
  10. මගේ සැලැස්ම ව්‍යාපරයක් දාන එක. 
  11. මගේ රජකාරිය තොරතුරු රැස්කරන එක. 
  12. අවශ්‍යයි උපදෙස් පිළිපදින එක. 
  13. අත්‍යාවශ්‍යයි අදම තීරණයක් ගන්න එක. 
  14. අනිවාර්යයි ලියකියවිලි දෙකම අත්සන්කරන එක. 
  15. සිසුන්ට අනිවාර්‍යයි නිලඇඳුම අඳින එක. 
  16. ප්‍රමාද වැඩියි ඒ ගැන කථාකරන්න. 
  17. ඇතිතරම් වෙලාසනයි මේ කාරණය සකච්චාකරන්න. 
  18. ඇඟට ගුණයි තාත්තට දැනගන්න තියන්නේ නැතිව ඉන්න එක.
  19. නුවණක්කාරයි ඉක්මනින් හිතන එක. 
  20. වඩා නුවණක්කාරයි හෙමින් කථාකරන එක. 
  21. නිහඬව ඉන්න එක තමයි නුවණක්කාරම. 
  22. මේ ක්‍රමය පාවිච්චිකරලා ඉංග්‍රීසි ඉගෙනගන්න එක ලේසියි. 
  23. මේ දවස්වල වඩා හොඳ ජොබ් එකක් හොයාගන්න අමාරුයි. 
  24. ඔයාගේ තත්වය හිතින් මවාගන්න අමාරුයි. 
  25. අළුත් සැලැස්මක් හදන්න වෙලාව. 
  26. උත්තරය අනුමාන කරන්න පුළුවන්. 
  27. තත්වය පාලනයකරන්න බෑ. 
  28. ඔයාව හමුවීම සතුටක්. ඔයාව නැවත දකින්න ලැබෙන එක නියමයි.
  29. වරප්‍රසාදයක් ඔයා වගේ වෘත්තිකයෙක් එක්ක වැඩකරන්න ලැබෙන එක. 
  30. නීරසයි මේ විෂය ඉගෙනගන්න එක. 
  31. විනෝද ජනකයි මේ ක්‍රීඩාව කරන එක. 
  32. සමාගම ගැනි කියවන එක ප්‍රයෝජනවත්. 
  33. මේ විෂය අධ්‍යයනය කරන එක වැදගත්. 
  34. වාර්ථා තියාගන්න එක ඉතා වැදගත්. 
  35. නියම අත්දැකීමක් ඒ තැන බලන්න යන එක.
  36. අනතුරු දායකයි හෙල්මට් එක දාන්නෙ නැති එක. 
  37. ආරක්ෂිත නෑ මෙතන වැඩකරන එක. 
  38. මගේ රස්සාව නැතිවෙන එක ඛේදවාචකයක්.
  39. ප්‍රයෝජනවත් මේ ලිපිය කියවන එක. 
  40. වේදනාකාරියි මේ විනාශය දකින එක. 
  41. දුකයි ඒ ගැන කල්පනාකරන එක. 
  42. කෑම නාස්තිකරන එක පවක්. 
  43. ලොකු නගරයක ජීවත්වෙන එක මිල අධිකයි. 
  44. අමාරු වැඩක් මහළු අයට ඒත්තුගන්වන එක. 
  45. මේ තොරතුරු හෙලිදරවුකරන එක අභියෝගයක්. 
  46. ෆ්ලැට් එකක ජීවත්වෙන එක ලාභයි. 
  47. මේ ගෙවීම කරන එක මෝඩයි. 
  48. මේ මට්ටමට ලඟාවුනු එක විශාල ජයග්‍රහණයක්. 
  49. හොඳ අදහසක් ඉංග්‍රීසි ටිකක් ඉගෙනගන්න එක. 
  50. නරක අදහසක් නෙවෙයි ජිම් එකකට එකතුවෙන එක. 
  51. මේ විධියට මැච් එකක් පරදින එක අවාසනාව. 
  52. බංකුවක වාඩිවෙලා මොනවහරි කියවන එක සැහැල්ලුකරවන සුළුයි.

ESSENTIAL PREPOSITIONAL PHRASES






  • විසිවන පියවර - පහත පිංතූරය විස්තරාත්මකව විස්තරකරන්න.
  • The Twentieth Step - Describe the following picture in detail.


විස්තරයේ සාම්පලයක්
A Sample Description

ඔයාට පේන විදියට, මේක ලස්සන දර්ශනයක් ගමක. ඇත්තටම, කාලගුණය ප්‍රසන්නයි හා හිරු එළිය සහිතයි පැහැදිලි අහස ඇතිව. මට දකින්න පුළුවන් පුංචි ගෙයක් එය වටා තියෙන මනස්කාන්ත වත්තක් එක්ක. ගේට්ටුවක් එක්ක කටු කම්බි වැටක් තියෙනවා වත්ත වටා. ටික දෙනෙක් ඉන්නවා වත්තේ සහ මම හිතන්නේ ඔවුන් එක පවුලක්. තවද ලස්සන දේවල් ගොඩක් තියෙනවා ගෙවත්තේ. මට දකින්න පුළුවන් තාල වර්ගයේ ගහක් ගේ පිටිපස්සේ. බොහෝවිටම, ඒක පොල් ගහක්. එළවළු පාත්තියක් තියෙනවා එක පැත්තක සහ මනුස්සයෙක් ඉන්නවා ඒකට සාත්තුකරමින්. මම හිතන්නේ ඔහු තමයි තාත්තා. තවද, පොකුණක් තියෙනවා ගේ ඉස්සරහා සහ ගැහැණු ළමයෙක් ඉන්නවා ඒක දිහා බලාගෙන. මල් පාත්තියකුත් තියෙනවා අඩි පාරේ අනිත් පැත්තේ සහ පිරිමි ළමයෙක් ඉන්නවා ඒකට වතුර දමමින් වතුර දාන කෑන් එකකින්. අම්මා ඉන්නවා රැගෙන එමින් වතුර ලිඳෙන් කලේ ඇයගේ උකුලේ තියාගෙන. මට දකින්න පුළුවන් පාරක් මේ ගම හරහා දිවෙන සහ පාසල් ලමුන් දෙන්නෙක් ඉන්නවා පාර අසල බස් නැවතුමේ බස් එක එනකං බලාගෙන. තවද මට දකින්න ‍යම්කෙනෙක් සයිකලෙන් වැඩට යන. ඇලක් තියෙනවා මේ ගම තුලින් ගලාගෙන යන සහ මිහිහෙක් ඉන්නවා මාළු බාමින් ඇල ඉවුරේ. මට දකින්න පුළුවන් කුඹුරක් හා ඒ මැද පඹයෙක්. දැවැන්ත ගහක් තියෙනවා එක කොණක සහ කුරුල්ලෙක් ඉන්නවා ඒකේ අත්තක් උඩ වහලා. බල්ලෙකුත් ඉන්නවා ඒ ගහ යට හිටගෙන. මේ ගම වටවෙලා තියෙනවා කඳු වැටියකින් සහ මට දකින්න පුළුවන් කුරුල්ලෝ රෑනක් කෑම සොයා පියඹනවා.



  • විසි එක්වන පියවර - පහත ප්‍රකාශන 14 මතක තබා ගන්න.
  • The Twenty-first Step - Memorize the following 14 expressions. 

  1. මෙතන බලාඉන්න. - Wait here. - වෙඉට් හිඅ'
  2. මෙතෙන්ට එන්න. - Come here. - කම් හිඅ'
  3. එතන හිටගන්න. - Stand there. - ස්ටැන්ඩ් දෙඅ'
  4. එතෙන්ට් යන්න. - Go there. - ග'උ දෙඅ'
  5. ගෙදර ඉන්න. - Stay home. - ස්ටෙඉ හ'උම්
  6. ගෙදරට පයින් යන්න. - Walk home. - වෝක් හ'උම්
  7. උඩ තට්ටුවේ ජීවත්වෙන්න. - Live upstairs. - ලිව් අප්ස්ටෙඅ'ස්
  8. උඩ තට්ටුවට දුවන්න. - Run upstairs. - රන් අප්ස්ටෙඅ'ස්
  9. පහල තට්ටුවේ පාඩම් කරන්න. - Study downstairs. - ඩි ඩඋන්ස්ටෙඅ'ස්
  10. පහල තට්ටුවට හදිස්සියෙන් යන්න. - Rush downstairs. - රෂ් ඩඋන්ස්ටෙඅ'ස්
  11. ඇතුලට පනින්න. - Jump inside. - ජම්ප් ඉන්සඉඩ්
  12. ඇතුලේ පුහුණුවෙන්න. - Practice inside. - ප්‍රැක්ටිස් ඉන්සඉඩ්
  13. එළියට වීසිකරන්න. - Throw outside. - ත්‍ර'උ අඋට්සඉඩ්
  14. එළියේ සෙල්ලම්කරන්න. - Play outside. - ප්ලෙඉ අඋට්සඉඩ්

  • විසි දෙවන පියවර - පහත වචන 20 මතකතබා ගන්න.
  • The Twenty-second Step - Memorize the 20 words below.

  1. වතුර - water- වෝට'
  2. කිරි - milk - මිල්ක්
  3. සල්ලි - money - මනි
  4. දූවිලි - dust - ඩස්ට්
  5. මඩ - mud - මඩ්
  6. සීනි - sugar - ෂුග'
  7. ලුණු - salt - සොල්ට්
  8. මීකිරි - curd - ක''ඩ්
  9. යෝගට් - yoghurt - යොග'ට්
  10. කෙජු - cheese - චීස්
  11. ලාම්පු තෙල් - kerosene - කෙර'සීන්
  12. වැලි - sand - සැන්ඩ්
  13. රෙදි - cloth - ක්ලොත්
  14. කඩදාසි - paper - පෙඉප'
  15. ආදරය - love - ලව්
  16. නිදහස - freedom - ෆ්‍රීඩ'ම්
  17. ඉඩ - space - ස්පෙඉස්
  18. ඉඩ - room - රූම්
  19. ආලෝකය - light - ලඉට්
  20. දැනුම - knowledge - නොලිජ්
  21. තේ - tea - ටී
  22. කෝපි - coffee - කොෆී
  23. කුරුඳු - cinnamon - සිනම'න්
  24. පිටි - flour - ෆ්ලඋඅ'
  25. විදුලිය - electricity - ඉලෙක්ට්රිසිටි

  • විසිතුන්වන පියවර - පහත ප්‍රකාශන මතකතබා ගන්න.
  • The Twenty-third Step - Memorize the following expressions.

  1. කාරුණික වෙන්න. - Be kind. - බී කඉන්ඩ්
  2. සූදානමින් ඉන්න. - Be ready. - බී රෙඩි
  3. විනීත වෙන්න. - Be polite. - බී ප'ලඉට්
  4. අවංක වෙන්න. - Be honest. - බී ඔනිස්ට්
  5. වේලාවට වැඩකරනසුළු වෙන්න. - Be punctual. - බී පන්ක්චුඅ'ල්

  1. විනාඩි 10 ක් වේලාසන වෙන්න. - Be 10 minutes early. - බී ටෙන් මිනිට්ස් අ''ලි
  2. පැයක් පරක්කු වෙන්න. - Be an hour late. - බී අ'න'උඅ' ලෙඉට්
  3. අවුරුදු 20 ක් වයස වෙන්න. - Be 20 years old. - බී ට්වෙන්ටි යෙඅ'ස් අ'උල්ඩ්
  4. අඩි 05 ක් උස වෙන්න. - Be five feet tall. - බී ෆඉව් ෆීට් ටෝල්
  5. පැය දෙකක් දීග වෙන්න. - Be two hours long. - බී ටූ අඋඅ'ස් ලොං

  1. පරීක්ෂණයට සූදානමින් ඉන්න. - Be ready for the test. - බී රෙඩි ෆ'ද' ටෙස්ට්
  2. ඔයාගේ වැටුපෙන් තෘප්තිමත් වෙන්න. - Be satisfied with your salary. - බී සැටිස්ෆඉඩ් විද් ය' සැල'රි
  3. ක්‍රීකට් වලට දක්ෂ වෙන්න. - Be good at cricket. - බී ගුඩ'ට් ක්‍රිකිට්
  4. පටන්ගන්න සූදානමින් ඉන්න. - Be ready to start. - බී රෙඩි ට' ස්ටාට්
  5. කථාකරන්න පුළුවන් වෙන්න. - Be able to speak. - බී එඉබ්ල් ට' ස්පීක්

  1. සාමාජිකයෙක් වෙන්න. - Be a member. - බී අ'මෙම්බ'
  2. ජයග්‍රාහකයා වෙන්න. - Be the winner. - බී ද්'වින'
  3. මගේ හවුල්කරු වෙන්න. - Be my partner. - බී මඉ පාට්න'
  4. කවුරුහරි වෙන්න. - Be someone. - බී සම්වන්
  5. මගේ හැමදෙයක්ම වෙන්න. - Be my everything. - බී මඉ එව්රිතිං

  1. හොඳ පුද්ගලෙක් වෙන්න. - Be a good person. - බීඅ' ගුඩ් ප''ස'න්
  2. සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න. - Be a successful businessman. - අ' ස'ක්සෙස්ෆ්ල් බිස්නිස්ම'න්
  3. සැහැල්ලු කෙනෙක් වෙන්න. - Be a cool guy. - බීඅ' කූල් ගඉ
  4. බරපතල කෙනෙක් වෙන්න. - Be someone serious. - බී සම්වන් සිඅ'රිඅ'ස්
  5. උනන්දු ඉගෙනගන්නෙක් වෙන්න. - Be a keen learner. - බීඅ' කීන් ල''න'


  1. බස් නැවතුමේ ඉන්න. - Be at the bus stop. - බී අ'ට්ද්' බස්ටොප්
  2. මාත් එක්ක ඉන්න. - Be with me. - බී විද් මී
  3. පාලම උඩ ඉන්න. - Be on the bridge. - බී ඔන්ද' බ්රිජ්
  4. මගේ කාමරයේ ඉන්න. - Be in my room. - බී ඉන් මඉ රූම්
  5. මගීන් අතරේ ඉන්න. - Be among the passengers. - බී අ'මං ද' පැසෙන්ජ'ස්

  1. මෙතන ඉන්න. - Be here. - බී හිඅ'
  2. එතන ඉන්න. - Be there. - බී දෙඅ'
  3. හොහේහරි ඉන්න. - Be somewhere. - බී සම්වෙඅ'
  4. උඩතට්ටුවේ ඉන්න. - Be upstairs. - බී අප්ස්ටෙඅ'ස්
  5. ගෙදර ඉන්න. - Be home. - බී හ'උම්

  • විසිහතරවන පියවර - දී ඇති වාක්‍ය රටා භාවිතා කර පහත කරුණු ඇතුලත් ඔයාගේ යාළුවා ගැන හඳුන්වාදීමක් කරන්න.
  • The Twenty-fourth Step - Make an introduction of your friend using the given sentence patterns and including the facts below.


වාක්‍ය රටා - Sentence Patterns


  1. ඔහු/ඇය වෙනවා/ඉන්නවා ...... - He's / She's ...........................
  2. ඔහු/ඇය ....... නෑ/නෙවෙයි. - He's not / She's not ......................
  3. ඔහු/ඇය කරනවා. - He/She does.
  4. ඔහු/ඇය කරන්නේ නෑ. - He/She doesn't do. 
  5. ඔහුට/ඇයට ...... තියෙනවා/ඉන්නවා. - He/She has / He's got / She's got .....
  6. ඔහුට/ඇයට ...... නෑ. - He/She doesn't have ... / He/She hasn't got ....
  7. ඔහුට/ඇයට ......... පුළුවන්. - He/She can ......
  8. ඔහුට/ඇයට ........... බෑ. - He/She can't .........
  9. ඔහුට/ඇයට කරන්න වෙනවා. - He/She has to ........
  10. ඔහුට/ඇයට කරන්න නෑ. - He/She doesn't have to .......
  11. ඔහු/ඇය කරකර ඉන්නේ. - He's / She's doing.
  12. ඔහු/ඇය කරකර නෙවෙයි ඉන්නේ. - He's / She's not doing.


කරුණු - Facts

  1. නම - name (නෙඉම්)
  2. සුරතල් නම - pet name (පෙට් නෙඉම්)
  3. කවට නම - nickname (නික්නෙඉම්)
  4. පදිංචිය - residence (රෙසිzඩ'න්ස්)
  5. වයස - age (එඉජ්)
  6. උපන් දිනය - date of birth (ඩෙඉට'උබ''ත්)
  7. උපන් ස්ථානය - place of birth (ප්ලෙඉස'ව් බ''ත්)
  8. පෙනුම - appearance (අ'පිඅ'ර'න්ස්)
  9. පවුල - family (ෆැම'ලි)
  10. දෙමාපියන් - parents (පෙඉර'න්ට්ස්)
  11. සහෝදර සහෝදරියන් - siblings (සිබ්ලිංස්)
  12. අධ්‍යාපනය - education (එඩ්යුකෙඉෂ්න්)
  13. රැකියාව - job (ජොබ්)
  14. නිදහස් වෙලාව - free time (ෆ්‍රී ටඉම්)
  15. ‍යහළුවන්, සුරතලුන් හා අසල්වැසියන් - friends, pets and neighbours (ෆ්‍රෙන්ඩ්ස්, පෙට්ස'න්ඩ් නෙඉබ'ස්)
  16. පුරුදු - habits (හැබිට්ස්)
  17. ගතිගුණ - qualities (ක්වොලිටීස්)
  18. කැමති අකමැති දේ - likes and dislikes (ලඉක්ස'න්ඩ් ඩිස්ලඉක්ස්)
  19. හැකියාවන් - abilities (අ'බිලිටීස්)
  20. අනාගත සැලසුම් - future plans (ෆ්යූච' ප්ලැන්ස්)

විස්තරයේ සාම්පලයක්
A Sample Description


මට ඉන්නවා හොඳ යාළුවෝ ගොඩක් මොකද මම ගොඩක් මිත්‍රශීලී සහ සමාජශීලී. මගේ ඔක්කොම යාළුවන් අතරේ විශේෂ කෙනෙක් ඉන්නවා. එයාගේ නම වින්දන පෙරෙරා ඒත් අපි ඔක්කොම එයාට කියන්න වින්ඩි කියලා කෙටියෙන්. එයා ජීවත්වෙන්නේ අපේ අහලපහල ඉතිං එයා අපේ අසල්වැසියන්ගෙන් එක්කෙනෙක්. එයා මගේ වයසමයි. මම හිතන්නේ එයා ඉපදුනේ නුවර සහ පස්සෙ මෙහේ පදිංචියට ආවා. අපි ඉගෙනගත්තේ එකම ඉස්කෝලේ සහ දැන් අපි දෙන්නම රැකියා කරනවා. වාසනාවකට අපි වැඩකරන්නෙත් එකම නගරයේ ඒත් වෙනස් සමාගම් දෙකකට. එයා වැඩකරන්නේ බෙදාහැරීමේ ආයතනයකට අලෙවි නියෝජිතයෙක් ලෙස. අපි එකම ප්‍රදේශයේ ජීවත්වෙන හා වැඩකරන නිසා අපි එකිනෙකාව හමුවෙනවා හැමදාම වගේ ඒත් අපි ගොඩක් කාලය ගතකරනවා එකට සති අන්තයේදී. වින්ඩි එන්නේ පොඩි පවුලකින්. එයාට ඉන්නේ නංගී කෙනෙක් විතරයි. එයාගේ තාත්තා මියගිහිල්ලා සහ එයාගේ අම්මා පොඩි සිල්ලර කඩයක් කරනවා. අපි ගොඩක් කිට්ටුයි මොකද අපි ගොඩක් සමානයි. කෙසේවෙතත් අපි පෙනුමින් සමාන නෑ. ඔහු තරමක් උසයි සහ සාමාන්‍ය ප්‍රමාණයේ ඒත් මම මිටියි සහ කෙට්ටුයි. මම පැහැපත් සමේ වර්ණයෙන් ඒත් එයා තලෙළුයි. ඔහුට තියෙනවා පොකුටු කොණ්ඩයක් ඒත් මගෙ කොණ්ඩය කෙලින්. මම වගේ නෙවෙයි ඔහු බරපතලයි ගොඩක් වෙලාවට සහ එයා ලේසියෙන් කලබල වෙනවා. එයාගේ ප්‍රියතම සැහැල්ලු ඇඳුම් තමයි ජීන්ස් හා ටීෂ''ට්ස්. එයාට නෑ ග''ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඒත් මම හිතන්නේ එයා කාටහරි ආදරේ කරන්න පටන්ගනිමින් ඉන්නේ. ඒක එයා මගෙන් හංඟන්න උත්සහාකරමින් ඉන්න දෙයක් ඒත් මම හිතන්නේ නෑ එයාට පුළුවන් කියලා. කොහොමහරි, එයා දක්ෂයි සහ අධිෂ්ටානශීලී සහ එමනිසා ඔහුට තියෙනවා සාර්ථක ජීවිතයක් ඔහු ඉදිරියේ. මම ඔහුට සියළු සාර්ථකත්වය ප්‍රාර්ථනාකරනවා.

  • විසිපස්වන පියවර - පහත සංවාදය මතකතබාගන්න.
  • The Twenty-fith Step - Memorize the conversation below.

  1. ඔයාට තියෙනවද තව මොනවහරි මිලටගන්න? - Do you have anything else to buy? - ඩූය'හ'ව් එනිතිං එල්ස් ට' බඉ
  2. නෑ. මම ඉවරයි බඩු අරගෙන. - No. I'm done with the shopping. - න'උ අඉම් ඩන් විද් ද' ෂොපිං
  3. ඔයාට තියෙනවද? - What about you? - වොට'බඋට් ය'
  4. ඇත්තටම මට තව එකදෙයක් ගන්න අවශ්‍යයි. - Actually, I need to buy one more thing. - ඇක්චුඅ'ලි අඉ නීඩ්ට' බඉ වන් මෝ තිං
  5. ඒත් මම හිතන්නේ නෑ අපිට වෙලාව තියෙනවා කියලා ඒකට. - But I don't think we have time for it. - බ'ට් අඉ ඩ'උන්ට් තිංක් වී හ'ව් ටඉම් ෆ'රිට්
  6. මොකක්ද ඒක? - What is it? - වොටීසිට්
  7. මට කියන්න. - Tell me. - ටෙල් මී
  8. මට අත්ඔරලෝසුවක් ගන්න ඕනි. - I need to buy a wristwatch. - අඉ නීඩ්ට' බඉ අ'‍රිස්ට්වොච්
  9. ඔයා විහිළු කරනවද? - Are you kidding? - ආ යූ කිඩිං
  10. අපිට බෑ අත්ඔරලෝසුවක් ගන්න හදිස්සියෙන්. - We can't buy a wristwatch in haste. - වී කාන්ට් බයි අ'‍රිස්ට්වොච් ඉන් හෙඉස්ට්
  11. අපි ගොඩක් සැලකිලිමත් විය යුතුයි. - We should be really careful - වී ෂුඩ් බී රිඅ'ලි කෙඅ'ෆ්ල්
  12. ඒ වගේ දෙයක් මිලට ගන්න කොට - when buying something like that - වෙන් බඉං සම්තිං ලඉක් දැට්
  13. සහ ඒකට ගොඩක් වෙලාව අවශ්‍යයි. - And it needs a lot of time. - අ'න්ඩ් ඉට් නීඩ්ස් අ'ලොට'ව් ටඉම්
  14. මම හිතන්නේ නෑ හොඳ අදහසක් කියලා. - I don't think it's a good idea - අඉ ඩ'න්ට් තිංක් ඉට්ස' ගුඩඉඩිඅ'
  15. මේ දැන් ඒක කරන එක - to do it right now - ට' ඩූ ඉට් රඉට් නඋ
  16. හරි. - Okay. - අ'උකෙඉ
  17. අපිට වේලාව තියෙනවද තේ ටිකක් බොන්න? - Do we have time for some tea? - ඩ'වී හ'ව් ටඉම් ෆ' ස'ම් ටී
  18. වෙලාව කීයද දැන්? - What time it it now? - වොට් ටඉමීසිට් නඋ
  19. හයයි තිහටම වෙලා. - It's almost 6.30. - ඉට්ස් ඕල්ම'උස්ට් සික්ස් ත''ටි
  20. දෙයියනේ. - Oh, my gosh! - ඕ මඉ ගොෂ්
  21. අන්තිම බස් එක පිටත්වෙන්නේ 6.35 ට. - The last bus leaves at 6.35. - ද' ලාස්ට් බස් ලීව්සැට් සික්ස් ත''ටි ෆඉව්
  22. අපි ඉක්මන් කරමු. - Let's get a move on. - ලෙට්ස් ගෙට' මූ ඔන්
  23. මට බෑ ගෙදරට පයින් යන්න. - I can't walk home. - අඉ කාන්ට් වෝක් හ'උම්
  24. මට ඕනිවට වඩා මහන්සියි. - I'm too tired. - අඉම් ටූ ටඉඅ'ඩ්
  25. ඇයි අපිට ත්‍රීවීලර් එකක් ගන්න බැරි? - Why can't we take a threewheeler? - වඉ කාන්ට් වී ටෙඉක' ත්‍රීවීල'
  26. මේ වෙලාවට ත්‍රීවීලර්ස් නෑ. - There're no threewheelers at this time. - දෙඅ'ර' න'උ ත්‍රීවීල'ස් අ'ට් දිස් ටඉම්
  27. අනික එයාලා ලොකු ගාස්තුවක් ගන්නවා. - And they charge an exorbitant fare. - අ'න්ඩ් දෙඉ චාජ් අ'නිග්සෝබිට'න්ට් ෆෙඅ'
  28. ඉන්ධන අර්බුධය නිසා. - because of the fuel crisis - බික'ස'ව්ද' ෆ්යුඅ'ල් ක්‍රඉසිස්
  29. හරි. - Okay. - අ'උකෙඉ
  30. අපි බස් නැවතුම්පළට දුවමු එහෙනම්. - Let's run to the bus station then. - ලෙට්ස් රන් ට'ද' බස් ටෙඉෂ්න් දෙන්
  31. අන්න, බස් එක පිටත්වෙනවා. - There, the bus is leaving. - දෙඅ' ද'බසීස් ලීවිං
  32. ඉක්මන් කරන්න. - Hurry up. - හරී උප්
  33. අපි දොර ගාවට යමුද? - Shall we move to the door? - ෂැල් වී මූව් ට'ද' ඩෝ
  34. අපි ඊලඟ නැවතුමේ බහිනවා. - We're getting off at the next stop. - විඅ' ගෙටිං ඔෆ් අ'ට් ද' නෙක්ස්ට් ස්ටොප්
  35. මාත් එක්ක ආවට ස්තුතියි. - Thanks for coming with me. - තැංක් ෆ' කමිං විද් මී
  36. ඒක සුළු දෙයක්. - Don't mention it. - ඩ'උන්ට් මෙන්ෂ'නිට්
  37. මම ඉක්මන් කලොත් හොඳයි. - I'd better hurry. - අඉඩ් බෙට' හරී
  38. මගේ අම්මා මම එනකං බලාගෙන ඉන්නවා. - My mom's waiting for me. - මඉ මම්ස් වෙඉටිං ෆ'මී
  39. සහ මගේ ෆෝන් බැටරිය බැහැලා. - And my phone battery is dead. - අ'න්ඩ් මඉ ෆ'උන් බැට'රිස් ඩෙඩ්
  40. පස්සේ හමුවෙමු. - See you later. - සී ය' ලෙඉට'
  41. පරෙස්සමෙන්. - Take care. - ටෙඉක් කෙඅ'
  42. බායි. - Bye. - බාඉ

CAN YOU EXPRESS THESE IDEAS IN ENGLISH? (Set-12)
  1. පැහැදිලිව ලියන්න. 
  2. ලස්සනට නටන්න. 
  3. සතුටින් ජීවත්වෙන්න. 
  4. ඉවසිල්ලෙන් ඇහුන්කන් දෙන්න. 
  5. අවංකව කථාකරන්න. නිහඬව වැඩකරන්න. 
  6. ලස්සනට ඉවරකරන්න. 
  7. විවෘතව සාකච්චාකරන්න. 
  8. වේගයෙන් පදවන්න. 
  9. මහන්සියෙන් වැඩකරන්න. 
  10. හයියෙන් ගහන්න. 
  11. තදින් උත්සහාකරන්න. 
  12. අර්ධකාලීනව වැඩකරන්න. 
  13. පූර්ණකාලීනව සේවයකරන්න. 
  14. මිත්‍රශීලීව කථාකරන්න. 
  15. සහෝදරාත්මකව ආදරයකරන්න. 
  16. කෙටියෙන් ලියන්න. 
  17. විස්තරාත්මකව පැහදිලිකරන්න. 
  18. කළබලයෙන් යන්න. 
  19. හමුවෙලා කථාකරන්න. 
  20. දුරකථනයෙන් වාදකරන්න. 
  21. ප්‍රසිද්ධියේ විවේචනය කරන්න. 
  22. එක පාරටම ඇතුල්වෙන්න. 
  23. හදිස්සියේ ලිස්සල වැටෙන්න. 
  24. හිතාමතා හානිකරන්න. 
  25. හිතාමතා ප්‍රමාදකරන්න. 
  26. හිතාමතා අවුල්කරන්න. 
  27. අහම්බෙන් හමුවෙන්න. 
  28. හිතන්නේ නැතුව වදින්න. 
  29. මුදල් වලින් ගෙවන්න. 
  30. චෙක් වලින් ගෙවීම් කරන්න. 
  31. වෙස්වලාගෙන සංචාරය කරන්න. 
  32. අමාරුවෙන් ඇවිදින්න. 
  33. වචන වලින් ලියන්න. 
  34. ඉංග්‍රීසෙයන් ප්‍රතිචාරදක්වන්න. 
  35. වාචිකව සන්නිවේදනය කරන්න. 
  36. මෙතන ඉන්න. 
  37. අතන හිටගන්න. 
  38. හැමතැනම බලන්න යන්න. 
  39. උඩතට්ටුවේ පාඩම්කරන්න. 
  40. පහල තට්ටුවේ ජීවත්වෙන්න. 
  41. පිටරට වැඩකරන්න. ඇතුලේ පුහුණුවෙන්න. 
  42. එළියේ නටන්න. 
  43. එළිමහනේ වැඩකරන්න. 
  44. ගෘහස්ථව සතුටුවෙන්න. 
  45. හයියෙන් අල්ලාගන්න. 
  46. හඬනගා කියවන්න. 
  47. කෑගහලා කථාකරන්න. 
  48. අභිමාණයෙන් සමරන්න. 
  49. උණුසුම්ව පිළිගන්න. 
  50. කටුක ලෙස රිද්දන්න. 
  51. දැඩිසේ විරුද්ධ වෙන්න. 
  52. බලාපොරොත්තුනොවූ ලෙස පැමිණෙන්න. 
  53. නොවරදවා සාභාගීවෙන්න. 
  54. ලේසි‍යෙන් දින්නන්න. 
  55. විනීතව ප්‍රකාශකරන්න. 
  56. ආචාරශීලීව ප්‍රතික්ෂේප කරන්න. 
  57. ම්ලේච්චලෙස මරන්න. 
  58. අවංකව උත්සහාකරන්න. 
  59. ඉක්මනට එන්න. 
  60. ඉක්මනින් පිලිතුරක් දෙන්න. 
  61. පරක්කුවෙලා පිටත්වෙන්න. 
  62. පියවරෙන් පියවර ඉගෙනගන්න. 
  63. සරල හා ප්‍රායෝගික ක්‍රමයකට අධ්‍යයනය කරන්න. 
  64. පැත්තකට වෙන්න. 
  65. ඇහැරලා ඉන්න. 
  66. නැගිටලා ඉන්න. 
  67. පෑනෙන් ලියන්න. 
  68. තීන්ත වලින් අත්සන්කරන්න. 
  69. සමඟියෙන් හා සාමයෙන් ජීවත්වෙන්න. 
  70. මවිතයෙන් බලන්න. 
  71. කුතුහලයෙන් දිගටම බලාගෙන ඉන්න.
  72. නිර්භීතව, සාධාරණව හා ප්‍රචන්ඩව  සටන්කරන්න.
  73. උත්සහායන් තුනකින් දිනන්න. 
  74. 200 ට නොඅඩු වචන ගණනකින් ලියන්න. 
  75. නොසෙල්වී හිටගෙන ඉන්න. 
  76. සුවපහසුලෙස වාඩිවෙන්න. 
  77. නුවණක්කාරලෙස විශ්ලේෂණය කරන්න. 
  78. මාරාන්තිකව තඩිබාන්න. වංකව ක්‍රියාකරන්න. 
  79. තෘප්තියෙන් වැඩකරන්න. 
  80. සතුටුදායක ලෙස විසඳන්න. 
  81. යම් දුරකට එකඟවෙන්න. 
  82. අහඹුලෙස තෝරාගන්න. 
  83. විධිමත්ව වර්ගීකරණය කරන්න. 
  84. කෙට් දැනුම් දීමකින් රැස්වෙන්න. 
  85. මාරුවෙන් මාරුවට අතුගාමු. 
  86. නොනවත්වා කථාකරන්න. 
  87. නොනවත්වා ආධාරකරන්න. 
  88. නිරන්තරයෙන් වෙනස්කරන්න. 
  89. ක්ෂණික‍යෙන් වහන්න. 
  90. රතු පාටින් පාටකරන්න. 
  91. පේළි වලට සකස්කරන්න. 
  92. කණ්ඩායම් වලට බෙදන්න. 
  93. ආපසු ගෙවන්න. 
  94. ආපසු හැරෙන්න. 
  95. කැමැත්තෙන් එකතුවෙන්න. 
  96. නිදහසේ එහෙ මෙහෙ යන්න. 
  97. නොමිලේ සම්බන්ධවෙන්න. 
  98. ගාස්තුවකින් තොරව ලබාදෙන්න. 
  99. වෙලාවට පටන්ගන්න. 
  100. කල්වේලා ඇතිව වෙන්කරගන්න. 

CAN YOU EXPRESS THESE IDEAS IN ENGLISH? (Set-13)

  1. මම කාර්යබහුල වැඩියි මගේ රැකියාවෙන්.
  2. මම ලාබාල වැඩියි මේ ගැන ක්ථාකරන්න.
  3. මම ඇතිතරම් වයසයි මේ පාඨමාලාවට අයදුම්කරන්න.
  4. මම ඇතිතරම් උසයි මේ සෙල්ලම කරන්න.
  5. මම අතිශයින්ම අතෘප්තිමත් ඔයාලාගේ සේවයෙන්.
  6. මට අතිශයින්ම සැකයි ඔහුගේ හැසිරීම.
  7. මට ඉතාමත්ම කණගාටුයි හැමදෙයක් ගැනම.
  8. මට ඉතාමත්ම සතුටුයි ඔයා අපිත් එක්ක එකතුවීම ගැන.
  9. මම ගොඩක් දක්ෂයි පෙනුමෙන් විනිශ්චයකරන්න.
  10. මට හරිම සුවපහසුයි මෙතන.
  11. මම මේ කෂේත්‍රයේ තරමක් අත්දැකීම් සහිතයි.
  12. මම තරමක් ජනප්‍රියයි මේ ප්‍රදේශයේ.
  13. මම තරමක් හදිස්සියි තීරණගැනීමේදී.
  14. මම තරමක් අපැහැදිලියි ඔයාලට.
  15. මට තරමක් හුරුයි ඔයාගේ මුහුණ.
  16. මට තරමක් හුරුයි ඔවුන්ගේ ඝෝෂාව.
  17. මම ටිකක් කලබල වෙලා ඉන්නේ සම්මුඛපරීක්ෂණයට මුහුණ්දීම ගැන.
  18. මම ටිකක් භයවෙලා ඉන්නේ මේ තත්වය ගැන.
  19. මම යන්තමට තුවාලවෙලා ඉන්නේ.
  20. මම යන්තමට අසනීපයෙන් ඉන්නේ.
  21. මම ගොඩක් කැමතියි අන්නාසි වලට.
  22. මම මිනිස්සුත් එක්ක ගොඩක් කතාකරන්න.
  23. මම පුහුණු වෙන්නේ ටිකයි.
  24. මම සංගීතයට කැමතියි වෙන මොනවටත් වටා.
  25. මම වැඩිපුරම කැමති ගමක ජීවත්වෙන්න.
  26. මම තාම ඔයාව විශ්වාසකරනවා.
  27. මම තාම ඔයාගෙ පිළිතුර එනකං බලාගෙන ඉන්නේ.
  28. මට තාම ඒක ඕනි නෑ.
  29. මම තාම සූදානම් නෑ.
  30. අපි දැනටමත් යාළුවෝ.
  31. මට තවදුරටත් මේක ඕනි නෑ.

Comments

Popular Posts