ADULT BEGINNER WORK SPACE

SESSION - 01


1. Watch the video 'A Souvenir Shop' and answer the following questions. (
https://bit.ly/38APHPL)

  1. What's the capital of Britain?
  2. Where is Trafalgar Square?
  3. Who is London very busy with?
  4. What's the name of the shop mentioned in the video?
  5. Who comes to the shop?
  6. What does this shop sell?
  7. Name some items you can buy there.
  8. Are the sweatshirts more expensive than T-shirts?
  9. What do the postcards tell you about?
  10. What do the calendar and the books tell you about?
  11. Where are the visitors in the shop from?




2. Watch the video on 'Arriving in London' - Introduction. and say whether the following statements are true, false or not given? (https://bit.ly/3SFifu9)

  1. Rob lives in London, England.
  2. Rob is a journalist.
  3. Rob is married.
  4. Rob hates London.
  5. Jenny is from Las Vegas.
  6. New York is an ordinary city.
  7. Jenny has a sister in Canada.
  8. Jenny is tall and slim with blonde hair.
  9. Jenny went to the UK two years ago.
  10. Jenny is the chief editor of New York 24 ✖ 7.



3. Enjoy the song The Keeper by Leslie Miles from Yaani Voices and answer the  questions. (https://bit.ly/3QzFPqj)
  1. How does the girl describe her lonely life?
  2. How does she describe her lover?
  3. What is she asking him to do?


4. පහත අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශකරන්න ඔබට පුළුවන්ද?

  1. කමිසයක් මිලටගන්න.
  2. බල්ලට කෑම දෙන්න.
  3. ගොඩක් මිනිස්සුන්ට උදවුකරන්න.
  4. අනාගතය ගැන කල්පනාකරන්න.
  5. මේ පාර දිගේ ඇවිදගෙන යන්න.
  6. අර පූසෝ ටික එක්ක සෙල්ලම්කරන්න.
  7. මේ වයර් එක අල්ලන්න එපා.
  8. බල්ලට ගහන්න එපා.
  9. මේ ෆිල්ම් ටික බලන්න එපා.
  10. පාඩම ගැන කථාකරන්න එපා.
  11. ඒ වගේ කථාකරන්න එපා.
  12. පූල් එකට පනින්න එපා.
  13. මම අවදිවෙන්නේ උදේ 4.30 ට.
  14. මම ගොඩක් ටීවී බලනවා.
  15. මම ජීවත්වෙන්නේ නගරයක.
  16. මම එන්නේ නගරයකින් නෙවෙයි.
  17. මම අඳුරන්නේ නෑ ඔයාගේ මාමව.
  18. මට ඕනි නෑ මගේ කාලය නාස්තිකරන්න.
  19. ඔයා මීකිරි කනවද?
  20. ඔයා වැඩකරන්නේ බැංකුවකද?
  21. ඔයා කැමතිද පීනන්න?
  22. මම ෆිල්ම් එකක් බලබල ඉන්නේ.
  23. මම ‍යුනිෆෝම් එක ඇඳගෙන ඉන්නේ.
  24. මම මගේ ගම ගැන ලියලිය ඉන්නේ.
  25. මම වත්තේ වැඩකරකර ඉන්නේ.
  26. මම ගෙදරවැඩ කරකර ඉන්නේ මගේ කාමරයේ.
  27. මම ස්ටේෂන් එකට යමින් ඉන්නේ.
  28. මම මගේ අම්මට උදවුකරකර නෙවෙයි ඉන්නේ.
  29. මම ඇඳේ වැතිරී නෙවෙයි ඉන්නේ.
  30. මම පාර අයිනේ හිටගෙන නෙවෙයි ඉන්නේ.
  31. ඔයා ගේ පිරිසිදුකරකරද ඉන්නේ?
  32. ඔයා ගුරුවරයා එක්ක එමින්ද ඉන්නේ?
  33. ඔයා මොනවහරි කකාද ඉන්නේ?
  34. මම මේ සතියේ ඉස්කෝලේ යන්නේ බස් එකෙන්.
  35. මම අද මහන්සියෙන් වැඩකරනවා.
  36. මම මේ දවස්වල ඉංග්‍රීසි ඉගෙනගන්නවා.
  37. මම මේ දවස්වල නවකථාවක් කියවනවා.
  38. මම හෙට එනවා.
  39. මම ඔයාගේ ලියුම කියවනවා අද රෑට.
  40. ඔයා ලබන සතියේ පිටත්වෙනවද?

ANSWERS
  1. කමිසයක් මිලටගන්න. - Buy a shirt.
  2. බල්ලට කෑම දෙන්න. - Feed the dog.
  3. ගොඩක් මිනිස්සුන්ට උදවුකරන්න. - Help a lot of people.
  4. අනාගතය ගැන කල්පනාකරන්න. - Think about the future.
  5. මේ පාර දිගේ ඇවිදගෙන යන්න. - Walk along the road.
  6. අර පූසෝ ටික එක්ක සෙල්ලම්කරන්න. - Play with those cats.
  7. මේ වයර් එක අල්ලන්න එපා. - Don't touch this wire.
  8. බල්ලට ගහන්න එපා. - Don't hit/beat the dog.
  9. මේ ෆිල්ම් ටික බලන්න එපා. - Don't watch these films/movies.
  10. පාඩම ගැන කථාකරන්න එපා. - Don't talk about the lesson.
  11. ඒ වගේ කථාකරන්න එපා. - Don't speak like that.
  12. පූල් එකට පනින්න එපා. - Don't jump into the pool.
  13. මම අවදිවෙන්නේ උදේ 4.30 ට. - I wake up at 4.30 in the morning. 
  14. මම ගොඩක් ටීවී බලනවා. - I watch tv a lot. / I watch a lot of tv.
  15. මම ජීවත්වෙන්නේ නගරයක. - I live in a town.
  16. මම එන්නේ නගරයකින් නෙවෙයි. - I don't come from a town.
  17. මම අඳුරන්නේ නෑ ඔයාගේ මාමව. - I don't know your uncle.
  18. මට ඕනි නෑ මගේ කාලය නාස්තිකරන්න. - I don't want to waste my time.
  19. ඔයා මීකිරි කනවද? - Do you eat curd?
  20. ඔයා වැඩකරන්නේ බැංකුවකද? - Do you work at a bank?
  21. ඔයා කැමතිද පීනන්න? - Do you like swimming? / Do you like to swim?
  22. මම ෆිල්ම් එකක් බලබල ඉන්නේ. I'm watching a film.
  23. මම ‍යුනිෆෝම් එක ඇඳගෙන ඉන්නේ. - I'm wearing the uniform.
  24. මම මගේ ගම ගැන ලියලිය ඉන්නේ. - I'm writing about my village.
  25. මම වත්තේ වැඩකරකර ඉන්නේ. - I'm working in the garden.
  26. මම ගෙදරවැඩ කරකර ඉන්නේ මගේ කාමරයේ. - I'm doing the homework in my room.
  27. මම ස්ටේෂන් එකට යමින් ඉන්නේ. - I'm going to the station.
  28. මම මගේ අම්මට උදවුකරකර නෙවෙයි ඉන්නේ. - I'm not helping my mother.
  29. මම ඇඳේ වැතිරී නෙවෙයි ඉන්නේ. - I'm not lying in bed.
  30. මම පාර අයිනේ හිටගෙන නෙවෙයි ඉන්නේ. - I'm not standing by the road.
  31. ඔයා ගේ පිරිසිදුකරකරද ඉන්නේ? - Are you cleaning the house?
  32. ඔයා ගුරුවරයා එක්ක එමින්ද ඉන්නේ? - Are you coming with the teacher?
  33. ඔයා මොනවහරි කකාද ඉන්නේ? - Are you eating something?
  34. මම මේ සතියේ ඉස්කෝලේ යන්නේ බස් එකෙන්. - I'm going to school by bus this week.
  35. මම අද මහන්සියෙන් වැඩකරනවා. - I'm working hard today.
  36. මම මේ දවස්වල ඉංග්‍රීසි ඉගෙනගන්නවා. - I'm learning English these days.
  37. මම මේ දවස්වල නවකථාවක් කියවනවා. - I'm reading a novel these days.
  38. මම හෙට එනවා. - I'm coming tomorrow.
  39. මම ඔයාගේ ලියුම කියවනවා අද රෑට. - I'm reading your letter tonight.
  40. ඔයා ලබන සතියේ පිටත්වෙනවද? - Are you leaving next week?

SESSION - 02

1. How do you express the following ideas in English?
(ඔබ පහත අදහස් ඉංග්‍රීසියෙන් ප්‍රකාශකරන්නේ කොහොමද?)

  1. මම කාරුණිකයි.
  2. මම සූදානම් නෑ.
  3. ඔයා මිත්‍රශීලීද?
  4. මම අඩි 05 ක් උසයි.
  5. මට අවුරුදු 20 ක් වයස නෑ.
  6. ඔයා විනාඩි 10 කට වඩා පරක්කුද?
  7. මම වොලිබෝල් වලට දක්ෂයි.
  8. මම පරීක්ෂණයට සූදානම් නෑ.
  9. ඔයා සර්පයින්ට භයද?
  10. මට ලැජ්ජයි කථාකරන්න.
  11. මම යන්න සූදානම් නෑ.
  12. ඔයාට සතුටුද මාව දකින්න?
  13. මම සාමාජිකයෙක්.
  14. මම නෙවෙයි ජයග්‍රාහකයා.
  15. ඔයා සමන්ගේ සහෝදරයාද?
  16. මම බස් නැවතුමේ.
  17. මම මගේ කාමරයේ නෙවෙයි.
  18. ඔයා පාලම උඩද?
  19. මම වෙලාවට.
  20. මට හදිසි නෑ.
  21. ඔයා එන ගමන්ද?
  22. මම මෙතන.
  23. මම එතන නෙවෙයි.
  24. ඔයා උඩ තට්ටුවේද?
  25. මම ජීවත්වෙන්නේ නුවර.
  26. මම දෙමළ ෆිල්ම් බලන්නේ නෑ.
  27. ඔයා වැඩට යන්නේ පයින්ද?
  28. මම කැමතියි පීනන්න.
  29. මට ඕනි නෑ පරදින්න.
  30. ඔයා අඳුරනවද මගේ මාමාව?
  31. මම ෆිල්ම් එකක් බලබල ඉන්නේ.
  32. මම මොකුත් කරකර නෙවෙයි ඉන්නේ?
  33. ඔයා තාත්තට උදවුකරකරද ඉන්නේ?
  34. මම කමිසය ඇඳගෙන ඉන්නේ.
  35. මම ඇඳේ වැතිරී නෙවෙයි ඉන්නේ.
  36. ඔයා බස් එකේ ඇතුලේ හිටගෙනද ඉන්නේ?
  37. මම අද මහන්සියෙන් වැඩකරනවා.
  38. මම මේ මාසේ රෑකෑම කන්නේ නෑ.
  39. ඔයා අද රෑට ඒක කරනවද?
  40. මට ඉන්නවා සහෝදරියක්.
  41. මට රැකියාවක් නෑ.
  42. මගේ පොත ඔයා ලඟද?
  43. මට දැන් යන්න වෙනවා.
  44. මට මේ බිල ගෙවන්න නෑ.
  45. ඔයාට ඔයාට මේක කරන්න තියෙනවද?
  46. මට පුළුවන් හොඳට උයන්න.
  47. මට බටනලාව ගහන්න බෑ.
  48. ඔයාට පුළුවන්ද කාමරය පිරිසිදු කරන්න?
  49. මට ඇහෙනවා අමුතු සද්දයක්.
  50. මට බෝඩ් එක පේන්නේ නෑ.
  51. ඔයාට දැනෙනවද වෙනස?
  52. මම මුද්දර එකතු කරනවා මගේ විනෝදාංශය ලෙස. 
  53. මම ගතකරනවා මගේ විවේක කාලය වත්තේ වැඩකරකර. 
  54. මම ගෙවතු වගාව ටිකක් කරනවා මගේ නිදහස් වෙලාවේදී. 
  55. මම සතුටුවෙනවා බටනලාව වාදනය කිරීමෙන් මම නිදහසේ ඉන්න වෙලාවට. 
  56. මම ගිටාරය ප්‍රැක්ටිස් කරනවා මගේ විවේක වෙලාව අතරතුර.
  57. මම වැඩට යන්නේ බස් එකෙන් නෙවෙයි. 
  58. මම අම්මට උදවුකරනවා උදේ කෑම හදන්න. 
  59. මම අම්මට උදවුකරනවා ගේදොර වැඩ වලට. 
  60. මම ගේ ලස්සනට තියාගන්න හදනවා.
ANSWERS
  1. මම කාරුණිකයි. - I'm kind.
  2. මම සූදානම් නෑ. - I'm not ready.
  3. ඔයා මිත්‍රශීලීද? - Are you friendly?
  4. මම අඩි 05 ක් උසයි. - I'm 5 feet tall.
  5. මට අවුරුදු 20 ක් වයස නෑ. - I'm not 20 years old.
  6. ඔයා විනාඩි 10 කට වඩා පරක්කුද? - Are you more than 10 minutes late?
  7. මම වොලිබෝල් වලට දක්ෂයි. - I'm good at volleyball.
  8. මම පරීක්ෂණයට සූදානම් නෑ. - I'm not ready for the test.
  9. ඔයා සර්පයින්ට භයද? - Are you scared of snakes?
  10. මට ලැජ්ජයි කථාකරන්න. - I'm shy to talk.
  11. මම යන්න සූදානම් නෑ. - I'm not ready to go.
  12. ඔයාට සතුටුද මාව දකින්න? - Are you happy to see me?
  13. මම සාමාජිකයෙක්. - I'm a member.
  14. මම නෙවෙයි ජයග්‍රාහකයා. - I'm not the winner.
  15. ඔයා සමන්ගේ සහෝදරයාද? - Are you Saman's brother?
  16. මම බස් නැවතුමේ. - I'm at the bus stop.
  17. මම මගේ කාමරයේ නෙවෙයි. - I'm not in my room.
  18. ඔයා පාලම උඩද? - Are you on the bridge?
  19. මම වෙලාවට. - I'm on time.
  20. මට හදිසි නෑ. - I'm not in a hurry.
  21. ඔයා එන ගමන්ද? - Are you on your way?
  22. මම මෙතන. - I'm here.
  23. මම එතන නෙවෙයි.  - I'm not there.
  24. ඔයා උඩ තට්ටුවේද? - Are you upstairs?
  25. මම ජීවත්වෙන්නේ නුවර. - I live in Kandy.
  26. මම දෙමළ ෆිල්ම් බලන්නේ නෑ. - I don't watch Tamil movies.
  27. ඔයා වැඩට යන්නේ පයින්ද? - Do you walk to work?
  28. මම කැමතියි පීනන්න. - I like swimming. / I like to swim.
  29. මට ඕනි නෑ පරදින්න. - I don't want to lose.
  30. ඔයා අඳුරනවද මගේ මාමාව? - Do you know me?
  31. මම ෆිල්ම් එකක් බලබල ඉන්නේ. - I'm watching a film.
  32. මම මොකුත් කරකර නෙවෙයි ඉන්නේ. - I'm not doing anything.
  33. ඔයා තාත්තට උදවුකරකරද ඉන්නේ? - Are you helping father.
  34. මම කමිසය ඇඳගෙන ඉන්නේ. - I'm wearing the shirt.
  35. මම ඇඳේ වැතිරී නෙවෙයි ඉන්නේ. - I'm not lying in bed.
  36. ඔයා බස් එකේ ඇතුලේ හිටගෙනද ඉන්නේ? - Are you standing inside the bus / in the bus?
  37. මම අද මහන්සියෙන් වැඩකරනවා. - I'm working hard today.
  38. මම මේ මාසේ රෑකෑම කන්නේ නෑ. - I'm not eating dinner this month.
  39. ඔයා අද රෑට ඒක කරනවද? - Are you doing it tonight?
  40. මට ඉන්නවා සහෝදරියක්. - I have a sister. / I've got a sister.
  41. මට රැකියාවක් නෑ. - I don't have a job. / I haven't got a job.
  42. මගේ පොත ඔයා ලඟද? - Do you have my book? / Have you got my book?
  43. මට දැන් යන්න වෙනවා. - I have to go now.
  44. මට මේ බිල ගෙවන්න නෑ. - I don't have to pay this bill.
  45. ඔයාට ඔයාට මේක කරන්න තියෙනවද? - Do you have to do this?
  46. මට පුළුවන් හොඳට උයන්න. - I can cook well.
  47. මට බටනලාව ගහන්න බෑ. - I can't play the flute.
  48. ඔයාට පුළුවන්ද කාමරය පිරිසිදු කරන්න? - Can you clean the room?
  49. මට ඇහෙනවා අමුතු සද්දයක්. - I hear / I can hear a strange noise.
  50. මට බෝඩ් එක පේන්නේ නෑ. - I don't see / I can't see the board.
  51. ඔයාට දැනෙනවද වෙනස? - Do you feel / Can you feel the difference?
  52. මම මුද්දර එකතු කරනවා මගේ විනෝදාංශය ලෙස. - I collect stamps as my hobby.
  53. මම ගතකරනවා මගේ විවේක කාලය වත්තේ වැඩකරකර. - I spend my free time working in the garden.
  54. මම ගෙවතු වගාව ටිකක් කරනවා මගේ නිදහස් වෙලාවේදී. - I do some gardening in my free time.
  55. මම සතුටුවෙනවා බටනලාව වාදනය කිරීමෙන් මම නිදහසේ ඉන්න වෙලාවට. - I enjoy playing the flute when I'm free.
  56. මම ගිටාරය ප්‍රැක්ටිස් කරනවා මගේ විවේක වෙලාව අතරතුර. - I practice the guitar during my leisure.
  57. මම වැඩට යන්නේ බස් එකෙන් නෙවෙයි. - I don't go to work by bus.
  58. මම අම්මට උදවුකරනවා උදේ කෑම හදන්න. - I help mother make breakfast.
  59. මම අම්මට උදවුකරනවා ගේදොර වැඩ වලට. - I help mother with the housework.
  60. මම ගේ ලස්සනට තියාගන්න හදනවා. - I try to keep a nice house. / I try to keep the house nice. 


2. යම්කෙනෙක්ව දැනහඳුනා ගැනීම 
GETTING TO KNOW SOMEONE

  1. ඔයාගේ නම? - Your name please?
  2. ඔයාගේ නම මොකක්ද? - What's your name?
  3. මොකක්ද ඔයාගේ නමේ තේරුම? - What's the meaning of your name? / What does your name mean?
  4. ඔයාට සුරතල් නමක් තියෙනවද? - Do you have a pet name? / Have you got a pet name?
  5. ඔයාගේ යාළුවෝ ඔයාට මොකක් කියලද කථාකරන්නේ? - What do your friends call you?
  6. ඔයාට කොච්චර වයසද? - How old are you?
  7. කවද්ද ඔයා ඉපදුනේ? - When were you born?
  8. කොහෙද ඔයා ඉපදුනේ? - Where were you born?
  9. ඔයා කොහෙන්ද? - Where are you from?
  10. ඔයා කොහෙද ජීවත්වෙන්නේ? - Where do you live?
  11. ඔයා කොහෙන්ද එන්නේ? - Where do you come from?
  12. ඔයාගේ ගම මොන වගේද? - What's your village like?
  13. ඔයාගේ පවුල ලොකුද පොඩිද? - Is your family big or small?
  14. ඔයා එන්නේ ලොකු පවුලකින්ද? - Do you come from a large family?
  15. කීදෙනෙක් ඉන්නවද ඔයාගේ පවුලේ? - How many people are in your family?
  16. ඔයාට කීදෙනෙක් ඉන්නවද ඔයාගේ පවුලේ? - How many people do you have in your family?
  17. ඔයාට සහෝදර සහෝදරියන් ඉන්නවද? - Do you have siblings?
  18. ඔයා කොහෙද ඉගෙනගන්නේ? - Where do you study?
  19. ඔයා කොයි ශ්‍රේණියේද? - Which grade are you in?
  20. ඔයා විෂයයන් කීයක් ඉගෙනගන්නවද? - How many subjects do you learn?
  21. මොකක්ද ඔයාගේ ප්‍රියතම විෂය? - What's your favourite subject?
  22. කොහොමද ඔයා ඉස්කෝලෙට යන්නේ? - How do you go to school?
  23. ඔයා රැකියාවක් කරනවද? - Do you work?
  24. ඔයා රැකියාවක නියුතුද? - Are you employed?
  25. ඔයා මොකද කරන්නේ? - What do you do?
  26. මොකක්ද ඔයාගේ රැකියාව? - What's your job?
  27. ඔයා කොහෙද වැඩකරන්නේ? - Where do you work?
  28. ඔයාගේ ජොබ් එක තියෙන්නේ කොහෙද? - Where's your job?
  29. ඔයාගේ ජොබ් එක මොන වගේද? - What's your job like?
  30. ඔයා කොහොමද වැඩට යන්නේ? - How do you go to work?
  31. ඔයාට ගොඩක් යාළුවන් ඉන්නවද? - Do you have a lot of friends?
  32. ඔයා මොනවද කරන්නේ ඔයාගේ යාළුවොත් එක්ක? - What do you do with your friends?
  33. ඔයාට සුරතළුන් ඉන්නවද? - Do you have pets? / Have you got pets?
  34. කවුද උන්ට කෑම දෙන්නේ? - Who feeds them?
  35. ඔයාද උන්ට කෑම දෙන්නේ? - Do you feed them?
  36. ඔයාට විනෝදාංශ තියෙනවද? - Do you have hobbies?
  37. ඔයා කොහොමද ගතකරන්නේ ඔයාගේ නිදහස් වෙලාව? - How do you spend your free time? 
  38. මොනවද ඔයා කරන්නේ ඔයාගේ නිදහස් වෙලාවේදී? - What do you do during your leisure / in your free time?
  39. ඔයාට මොනවහරි අනාගත සැලසුම් තියෙනවද? - Do you have / Have you got any future plans? 
  40. මට කියන්න ඔයාගේ අනාගත බලාපොරොත්තු ගැන? - Tell me about your future ambitions?
  41. ඔයාට කාවද වෙන්න ඕනි ඔයා ලොකු උනහම? - What do you want to be when you grow up?
  42. ඔයා මොන විධියේ පුද්ගලයෙක්ද? - What kind of person are you?
  43. ඔයා හිතන්නේ ඔයා සරල පුද්ගලයෙක් කියලද? - Do you think you're a simple person?
  44. ඔයා කොහොමද ඔයාවම විස්තර කරන්නේ? - How would you describe yourself?
  45. ඔයා මොකද කරන්නේ මේ දවස්වල? - What are you doing these days?




3. Enjoy the song "I can see clearly now" by Jimmy Cliff and answer the following questions. (https://bit.ly/3MDgDNQ)

1. Pick up the expressions that prove the singer has had a tough time.
2. What are the expressions that prove the singer is now feeling positive?
3. What is an obstacle? (use a dictionary)





4. Watch the video "The life of a chef" and answer the questions that follow. (https://bit.ly/3OGThZz)

1. Who is this?
2. Where does he live?
3. What does he do?
4. How many days a week does he work?
5. What's his work like?
6. What time does he wake up on a typical day?
7. What does he do before leaving the house?
8. How often does he drink tea in the morning?
9. How often does he cycle to work?
10. How often does he take the bus?
11. Why does he never drive?
12. Where does he go before he starts work?
13. What does  he buy there?
14. What time does he arrive at work?
15. Who opens the restaurant?
16. What does he do to start cooking?
17. What time does he have a break?
18. What time does he finish work?
19. What does he do when he finishes work?
20. Why does he go to bed early every day?





5. Watch the video "Arriving in London - Checking in" and answer the questions? (https://bit.ly/3JJZ3aG)

1. Where is Jenny now?
2. Where is she staying?
3. How many nights is she staying?
4. What does the receptionist look like?
5. How does the receptionist ask for Jenny's passport?
6. How does the receptionist learn the spelling of Jenny's last name?
7. How does the receptionist ask Jenny to sign the document?
8. How does the receptionist hand the key to Jenny?
9. What English does the receptionist speak?
10. What English does Jenny speak?

Comments

Popular Posts